Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ළහිරු ඉවතට චමීර ඇතුළට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ළහිරු ඉවතට චමීර ඇතුළට

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද පූනේ නුවර සිට..)

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු  කුමාරට මාංශ පේශි ඉරීමේ ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙසු තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවි ඇත. දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත් වීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් අනුමැතිය දී තිබේ. 


ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට ආදේශ කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය  තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඉල්ලා ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබාදෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව හෙට (30 වැනිදා) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග⁣යේ තේරීම් සඳහා චමීර සලකා බැලෙනු ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයට ක්‍රීඩා කළ ළහිරු   දැඩි ප්‍රහාරයට ලක්විය. එහිදී ඕවර 4 ක් පමණක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 47 ක් දුන් ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය. එහෙත් එංගලන්තයට එරෙහිව පැවැති තරගය සඳහා යළිත් කණ්ඩායමට කැඳවූ ඔහු, එහිදී ලකුණු 35 කට කඩුලු 3 ක්  දවාගනිමින් තර⁣ගයේ වීරයා බවටද පත්විය.

ළහිරු වෙනුවට කණ්ඩායමට කැඳවීමට නියමිත දුෂ්මන්ත චමීර මේ දක්වා එක්දින තරග 44 කදී කඩුලු 50 ක් බිඳහෙළා ඇති අතර එහි සාමාන්‍ය 33.16 ක අගයක් ගනී. ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගැනීමය. කෙසේ වුවත් මෙම වසරේ ජූනි මාසයෙන් පසුව මාස 4 ක කාලයක් චමීර ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වී නොමැත. 


අදහස් (0)

ළහිරු ඉවතට චමීර ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.