Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තේ පානයෙන් පසුව ලකුණු 20 ක් ඇතුළතදී පාකිස්තානයේ අවසන් පිතිකරුවන් පස් දෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ ළහිරු කුමාර (49/4) සහ ලසිත් ඇඹුල්දෙණිය (71/4) කරච්චියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානු මුල් ඉනිම ලකණු 191 කට සීමා කළහ. තරගයේ ආරම්භක දිනය වූ අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමද සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබාගෙන සිටියේය.
එකම පන්දුව දෙතැනක පතිත කරමින් පන්දු තුනක් ඇතුළතදී ආරම්භක පිතිකරු ශාන් මසූඞ් (5) සහ නායක අසාර් අලි (0) දෙදෙනාම දවාගත් විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට කදිම ආරම්භයක් ලබාගත්තේය. පළමු තරගයේදී ශතකයක් ලබාගත් අසාර් අලි ලකුණු 38 කට දැවී යද්දී පුවරුවට එක්ව තිබුණේ ලකුණු 65 ක් පමණි.
කෙසේ වෙතත් පාකිස්තානු පිලේ වඩාත්ම සාර්ථක පිතිකරුවා වන බාබර් අසාම් සහ අසාඞ් ශෆීක් අර්ධ ශතක ලබාගත් හෙයින් තේ පානය වන විට පාකිස්තායේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 171 ක් වී තිබිණ. කඩුලු පෙරහැර ආරම්භ වූයේ තේ පානයෙන් පසුවය.
ටෙස්ට් තරග 25 කදී, ශතක 3 ක් සහ අර්ධ ශතක 13 ක් සමගින් ලකුණු 1607 ක් ලබා සිටින බාබර් අසාම් පාකිස්තානයේ නවතම තරු පිතිකරුවායි. තේ පානය වන විට සිය අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි අසාම්ගේ ඉනිම ලකුණු 60 දී නතර කිරීමට ඇඹුල්දෙණිය සහ නිරෝෂන් දික්වැල්ල සමත් වූහ.
තම උස මැනවින් ප්‍රයෝජනයට ගන්නා වමත් පා දඟ පන්ද යවන්නා, සිය සීමා ඉරෙන් ඉවතට පැමිණ පහරදීමට තිබූ අසාම්ගේ සූදානමට කදිම පිළිතුරක් දෙමින් පන්දුව පිටිය මැද පතිත කළේය. පිත්ත පරයා ඇදි ගිය පන්දුව කඩුලු රකින්නා අත පත්වූයෙන් ඔහුට තිබුණේ බේල ඉවත් කිරීම පමණි.
ලසිත් ඇඹුල්දෙණිය පන්දු හොඳින් දඟ කවමින් මෙන්ම තණතීරුවේ ඉපිළීමත් මැනවින් ප්‍රයෝජනයට ගනිමින් කඩුලු 4 ක් දවාගත්තද ශ්‍රී ලංකා පිලේ සිටින පළපුරුදුම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා යැව්වේ ඕවර 7 ක් පමණි.
..
upula Thursday, 19 December 2019 03:05 PM
මෙල්ල කළාට වැඩක් නෑ. කුසල් මෙන්ඩිස් අපේ පැත්තෙන් අපිව විකුණනවා.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.