Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්ටෝක්ස්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

ස්ටෝක්ස්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

editorial - 2019 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙඩින්ලිහි ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (26 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 3 ක් අවසානයේ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්වයට පත්කිරීමටද එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 359 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ සිවුවැනි දිනයේදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ බෙන් ස්ටෝක්ස් හයේ පහර 8 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 135 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
 
තෙවැනි දිනය වූ පෙරේදා (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 206 ක් එක්කර ගනිමින් ජයග්‍රහණය කරා ගියේය. එහිදී නායක ජෝ රූට් (77) සහ ජෝ ඩෙන්ලි (50) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාලමක් දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 159 ක් වන විට ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව ජොනී බෙයාස්ටෝ (32) සමග එක්වූ ස්ටෝක්ස්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හෙසල්වුඞ් ලකුණු 85 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ නමුත් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීමට ඔහුට නොහැකි විය.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 179
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 67
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 246
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 362

(ජෝ රූට් 77, ජෝ ඩෙන්ලි 50, බෙන් ස්ටෝක්ස් නොදැවී 135, ජොනී බෙයාස්ටෝ 36, ජොෂ් හෙසල්වුඞ් 85/4, නේදන් ලයන් 114/2)

-036

 


අදහස් (0)

ස්ටෝක්ස්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.