Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සකිබ්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්

සකිබ්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්

editorial - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාව වසර දෙකක තරග තහනමක් පනවා ඇති අතර එය අවුරුද්දකට අත්හිටුවා තිබේ. මුදලට තරග පාවාදීම සදහා ඔහුට යෝජනා ඉදිරිපත් කළ තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය වී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර 2018 ජනවාරී මාසයේදී පැවැති තුන්කොන් තරගයේදී චෝදනා දෙකක් සහ එම වසරේදීම ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයියස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ඞෂ පංජාබ් අතර තරගයකදී එක් චෝදනාවක් එල්ලවී ඇත.

සකිබ් අල් හසන් චෝදනා පිළිගැනීමට තීරණය කිරීම හේතුවෙන් දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කිරීම වෙනුවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව ලබාදෙන දඩුවම් නියම කිරීමට තීරණය කළ බව අයි.සී.සී. ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අත්හිටවූ වසරට අදාල කොන්දේසී ශකීබ් විසින් සැපිරුවහොත් 2020 ඔක්තෝබර් 29 වැනිදා සිට නැවතත් ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව පවසයි.

ශකීබ් මෑතකදී පැවැති බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වර්ජනයකට නායකත්වය ලබාදුන් අතර එහිදී එරට පාලක මණ්ඩලය ඔවුන්ගේ ඉල්ලීම් පිළිගැනීමත් සමගින් ක්‍රීඩකයෝ වර්ජනය අවසන් කළහ. 

රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය සෑම ආකාරයකින්ම ඔහුට උදව් කරනු ඇති බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය කියා සිටියාය.

“තරග පාවා දෙන්නන් බොහෝ විට ක්‍රීඩකයින් සම්බන්ධ කර ගන්නවා. සකීබ්ගේ වැරුද්ද ඔහු ඒ සම්බන්ධව වැඩි වැදගත් කමක් නොපෙන්වීමයි. ඔහු දැනුම් දුන්නේ නෑ” යැයි ෂෙයික් හසීනා මහත්මිය වැදුරටත් පැවසුවාය.

 


අදහස් (3)

සකිබ්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්
  • gayan Wednesday, 30 October 2019 10:27 AM

    හොඳම වැඩේ.

    Reply 0       0

    chamara Wednesday, 30 October 2019 10:28 AM

    කළකම් පලදේ.

    Reply 0       0

    dilum Wednesday, 30 October 2019 10:29 AM

    කාට කරත් වරදින්න සුළු වෙලාවයි යන්නේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.