Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් චන්දිමාල් (74) අන්තයක් රැකගනිමින් දියත් කළ අනගි ඉනිම නිසා පාකිස්තානයට එරෙහිව කරච්චියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලට පළමු ඉනිමේ ලකුණු 80 ක වාසියක් ලබාගැනීමේ අවස්ථාව උදාවිය.
තරගයේ දෙවැනි දිනය වූ අද (20) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් තවත් ලකුණු 23 ක් පසු පසින් සිටියේය.
පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන ශාන් මෂූඞ් (නොදැවී 21) සහ අබිඞ් අලි (නොදැවී 32) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ්‍රී ලංකා පළමු ඉනිම අද තේ විවේකයෙන් පසුව ලකුණු 271 කට සීමාවිය.
ඩිල්රුවන් පෙරේරා ඉනිම තව දුරටත් ශක්තිමත් කරමින් පන්දු 84 කින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත් විය. ඩිල්රුවන්ගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.
ඩිල්රුවන් සහ විශ්ව ප්‍රනාන්දු නවවැනි කඩුල්ලට ලකුණු 36 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමු ඉනිමේ වාසිය ලකණු 80 ක් දක්වා ඉහළ දැමූහ. විශ්ව පන්දු 32 ක් කඩුල්ල රැකගැනීම කැපී පෙනුණි.
ශහීන් ෂා අෆ්රිඩි පිතිකරුවන්ට හොඳ අභිගෝගයක් යොමු කරමින් ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගත්තේය.
දිනේෂ් චන්දිමාල් පන්දු 143 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමෙන් පාකිස්තානු පිලේ බලාපොරොත්තු සුන්විය. මෙය චන්දිමාල් වසරකට ආසන්න කාලයකට පසුව රැස්කළ ටෙස්ට් අර්ධ ශතකය වීම වඩාත් කැපී පෙනුණි.
චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල අතර හත්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 37 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් බවට පත්විය.
කෙසේ වෙතත් මෙහිදී නිරෝෂන් දික්වැල්ල ගැසූ ඇතැම් පහර දෙස බැලීමේදී ඔහු ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළේ ද යන්න සැක සහිතය.
ධනංජය ද සිල්වා පන්දු 56 කින් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 34 ක් ලබාසිටියදී ශහීන් ෂා අෆ්රිඩිගේ තෙවැනි කඩුල්ල බවට පත්විය.
චන්දිමාල් සහ ධනංජය, පාකිස්තානු වේග පන්දු යවන්නන්ට එරෙහිව යුද්ධයක නිරත වෙමින් හයවැනි ගොඩනැගූ ලකුණු 67 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිලේ සාර්ථකත්වයේ ප්‍රධාන සාධකය බවට පත්විය.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 ක් පමණක් රැස්කර දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය. වමතින් වේග පන්දු යවන ශහීන් ෂා අෆ්රිඩි යැවූ පිට ඉන්න දෙසින් ඉහළට ඉපිලිහුණු පන්දුවෙන් ගැලවීමට මැතිව්ස් ගත් උත්සාහයේදී කඩුලු රකින ක්‍රීඩක රිස්වාන් වෙතට උඩ පන්දුව ලැබුණි.
සැදෑ ආරක්‍ෂක පිතිකරු ලෙස පෙරේදා පස්වරුවේ අංක පහ ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණි ලසිත් ඇඹුල්දෙණිය සිවුවැනි කඩුල්ල ලෙස අද පෙරවරුවේ සිවුවැනි දැවී ගියේය. ඒ වන විට ඇඹුල්දෙණිය පන්දු 34 කින් ලකුණු 13 ක් රැස්කර සිටියේය.
තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (19 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබාගෙන සිටියේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු මුල් ඉනිම ලකුණු 191 කට සීමා කළහ.
හෙට (21) තරගයේ තෙවැනි දිනයයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.