Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව පරාජය දෙසට ඇදෙයි

ශ්‍රී ලංකාව පරාජය දෙසට ඇදෙයි

editorial - 2019 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 212 කට කඩුලු 7 ක් දැවී දැඩි අසීරූතාවයට පත්ව ඇත. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිල, පාකිස්තානයට වඩා තවත් ලකුණු 264 ක් පසුපසින් සිටින්නේය.

සිය මංගල ටෙස්ට් ශතකය (නොදැවී 102) ලබාගනිමින් ඕෂධ ප්‍රනාන්දු කඩුල්ලේ රැඳී සිටින අතර පන්දු 175 කට මුහුණදුන් ඔහුගේ ඉනිම හතරේ පහර 13 කින් අලංකාර විය.

දිනය නිමාවීමට තවත් ඕවර 3 ක් පමණ තිබියදී නසීම් ෂාගේ පන්දුවක් හමුවේ මොහොමඞ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් 7 වැනි කඩුල්ල ලෙස ඩිල්රුවන් පෙරේරා ලකුණු 5 කට දැවී ගියේය.

වේගවත් ලකුණු රැස්කිරීමක් නිරතවූ නිරෝෂන් දික්වැල්ල හැරිස් සොහෙල් එවන ලද පන්දුවකට රිවර් ස්විප් පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ නොවැදුණු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 65 කට දැවී ගියේය. පන්දු 76 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

ලකුණු 97 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

පිට පිට ඕවර 2 කදී කඩුලු 2 ක් අහිමිවී යාමත් සමගින් ශ්‍රී ලංකාව දැඩි අසීරූතාවයට පත්විය. පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුල්ල වෙත පැමිණිම හේතුවෙන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වාට සිදුවිය.

තේ පානයෙන් පසුව යවන ලද 5 වැනි ඕවයේ පළමු පන්දුවේදී දිනේෂ් චන්දිමාල් කඩුල්ද මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු 2 කට දවා ගැනීමට නසීම් ෂා සමත්විය. පන්දුව පාදයේ වැදීමෙන් පසුව දැවීයාමක් ලෙස පන්දු යවන්නා ඇතුළු ක්‍රීඩකයෝ ඉල්ලීමක් කළද විනිසරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් සෑහිමකට පත්නොවූ නායක අසාර් අලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුනරූපණ නැරඹීමේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් දිනේෂ් චන්දිමාල් දැවී ගිය බවට තීරණය කළේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 70 ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට ශහීන් අෆ්රිඩි සමත්විය. මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් මැතිව්ස් දැවීයන විට පන්දු 33 කදී හතරේ පහරක් සමගින් ලකුණු 19 ක් රැස්කර සිටියේය.

මෙවර පාකිස්තානු තරගාවලියේදී දෙවැනි වතාවටත් ලකුණු නොලබාම දැවීයාමට කුසල් මෙන්ඩිස්ට සිදුවිය. නසීම් ෂාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හී පන්දු රකිමින් සිටි බාබර් අසාම්ට උඩපන්දුවක් දෙමින් දැවී ගිය කුසල් මෙන්ඩිස්ට පහරදීමට හැකිවූයේ පන්දු 4 කට පමණි.

මෙම වසරේ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ මෙන්ඩිස් 2019 වසර තුලදී ටෙස්ට් තරග 8 ක ඉනිම 15 කදී රැස්කර ඇත්තේ ලකුණු 326 ක් පමණි. එහිදී අර්ධ ශතක 2 ක් වාර්තාවී ඇති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 84 ඔහු මේ වසර තුලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 16 කට දැවී ගියේය. මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න දැවීයන විට පන්දු 28 කට මුහුණදී සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 2 කට ලකුණු 395 ක් රැස්කර සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් තවත් ලකුණු 160 ක් සිය දෙවැනි ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ. දිවා ආහාරය වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් රැස්කර ගෙන සිටි පාකිස්තානය දිවා ආහාරයෙන් පසුව සිය දෙවැනි ඉනිම අත්හිටවූ ඔවුන් ශ්‍රී ලංකාවට ලකුණු 476 ක ඉලක්කයක් ලබාදුන්නේය.

උදෑසන සිට දිවා ආහාරය තෙක් කාළය තුළ ඕවර 27 ක් යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලකුණු 160 ක් ලබාදෙමින් දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව සිවුවැනි දිනයේදී පන්දුවට පහරදුන් පාකිස්තාන පිතිකරුවෝ මුල් භාගයේදී ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය 5.92 ක අගයක පවත්වා ගැනීමට සමත්වූහ.

ඊයේ තරගය නතර කරනවිට අසාර් අලී ලකුණු 57 ක් සහ බාබර් අසාම් ලකුණු 22 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර අද දිනයේදී ඔවුන් දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වූහ.

සිවුවැනි ටෙස්ට් ශතකය ලබාගත් බාබර් අසාම් පාකිස්තාන ඉනිම අත්හිටුවන තෙක් කඩුල්ලේ රැඳී සිටි අතර පන්දු 131 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. මෙම තරගාවලියේදී ලබාගත් දෙවැනි ශතකය ලෙසද වාර්තාවූ අතර අවසන් ටෙස්ට් තරග 4 තුලදී ඔහු ලබාගත් සිවුවැනි ශතකයද වන්නේය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනා විසින් ශතක ලබාගත් දෙවැනි අවස්ථාව ලෙසද අද තරගය වාර්තා පොත් අතරට එක්විය.

සිය ටෙස්ට් දිවියේ 16 වැනි ශතකය ලබාගත් නායක අසාර් අලී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරිමට ලක්වීමෙන් දැවී ගිය අතර පන්දු 157 ක් පුරා කඩුල්ලේ රැදී සිටි ඔහු හතරේ පහර 13 ක් සමගින් ලකුණු 118 ක් ලබාගැනීමට සමත්විය. නායකත්වයට පත්වීමෙන් පසු ඔහු ලබාගත් පළමු ශතකය ලෙස වාර්තා වන අතර පාකිස්තාන දෙවැනි ඉනිමේදී වාර්තාවූ තෙවැනි ශතකයද වන්නේය.

බාබර් අසාම් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ද අසාර් අලී සමත්විය.

අද දින ළහිරු කුමාර යවන ලද තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී අසාර් අලී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය. නමුත් විනිසුරුගේ තීරණය සමගින් එකඟනොවූ අසාර් අලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ වැදී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් අසාර් අලී දැවී නොගිය බවට තෙවැනි විනිසුරු විසින් තීරණය කළේය.

 

...


අදහස් (0)

ශ්‍රී ලංකාව පරාජය දෙසට ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.