Last Update  :  2025-11-07 19:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව තරග දෙකම පරදී
හොං කොං සය සාමාජික තරගාවලිය

ශ්‍රී ලංකාව තරග දෙකම පරදී

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං නුවරදී පැවැත්වෙන හොං කොං සය සාමාජික තරගාවලියේ ආරම්භක දිනය වන අද (7 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග දෙකම පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට ගියේ පසුගිය වසරේදී ශූරතාව දිනාගත්  කණ්ඩායම ලෙසිනි. 

පළමු තරගයේදී හොං කොං පිල විසින් කඩුලු 4 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන ලද අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය ලකුණු 14 ක ජයක් අත්කර ගත්තේය. 

හොං කොං පිලේ අයිසස් ඛාන් පන්දු 10 කින් නොදැවී ලකුණු 44 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. යසිම් මුර්ටාසා පන්දු 8 කින් නොදැවී ලකුණු 26 ක් ලබාගත්තේය. අසිසස් ඛාන් සහ මුර්ටාසා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 69 ක සම්බන්ධතාව වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 17 කට පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය හෙට (සෙනසුරාදා) එංගලන්තයට එරෙහිව පැවැත්වෙයි. 


හොං කොං පිලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකාව - ඕවර 6 කදී සියලු දෙනා දැවී 79 යි
(තනුක දාබරේ 26, ධනංජය ලක්ෂාන් 16, නිමේෂ් විමුක්ති නොදැවී 20, නස්රුල්ලා රානා 04/2)

හොං කොං - ඕවර 3.4 කදී කඩුලු 2 ට 80 යි
(නිස්කාත් ඛාන් 10, යසිම් මුර්තාසා නොදැවී 26, අසිසස් ඛාන් නොදැවී 44)


බංග්ලාදේශ පිලට ලකුණු 14 ක ජයක් 

බංග්ලාදේශය - ඕවර 6 කදී සියලු දෙනා දැවී 75 යි
(හබිබුර් රහමන් 21, අක්බර් අලී 32)

ශ්‍රී ලංකාව - ඕවර 5.1 කදී සියලු දෙනා දැවී 61
(තනුක දාබරේ 12, ධනංජය ලක්ෂාන් 18, ළහිරු සමරකෝන් 13, මොසඩක් හොසේන් 20/3)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව තරග දෙකම පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.