Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලයන් ඉන්දියාව කරකවා අතහරී
ඉන්දෝර් ටෙස්ට් තරගය

ලයන් ඉන්දියාව කරකවා අතහරී

editorial - 2023 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉන්දෝර්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී (2 වැනිදා) විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නේදන් ලයන් ලකුණු 64 කට කඩුලු 8 ක් බිඳහළෙමින් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 163 කට සීමා කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක ඉලක්කයක් හිමිවිය.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් චෙතේෂ්වර් පුජාරා පන්දු 141 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක් රැස්කළේය. කෙසේ වුවත් ලයන්ගේ 6 වැනි කඩුල්ල බවට පත්වෙමින් ඔහු දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 155 කට කඩුලු 8 ක් ලෙස සටහන් විය.

පළමු දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ තවත් ලකුණු 41 ක් පමණි. ඕස්ටේ්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හතරේ පහර 4 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය.

 
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 109
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 197

(උස්මාන් කවාජා 60, මානස් ලැබුෂේන් 31, ස්ටීවන් ස්මිත් 26, පීටර් හෑන්ඩ්ස්කොම්බ් 19, කැමරන් ග්‍රීන් 21, රවින්ද්‍ර ජදේජා 78/4, උමේෂ් යාදව් 12/3, රවිචන්ද්‍රන් අෂ්වින් 44/3)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 163
(චෙතේෂ්වර් පුජාරා 53, ශ්‍රෙයාස් අයියර් 26, රවිචන්ද්‍රන් අෂ්වින් 16, නේදන් ලයන් 64/8)

-036

 


අදහස් (0)

ලයන් ඉන්දියාව කරකවා අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.