Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රේණුකා - ස්නේහා ශ්‍රී ලංකාව අසරණ කරති
ආසියානු කුසලාන

රේණුකා - ස්නේහා ශ්‍රී ලංකාව අසරණ කරති

editorial - 2022 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රේණුකා සිං (05/3) සහ ස්නේහා රානා (13/2) දෙදෙනාගේ විනාශකාරී පන්දු යැවීම හේතුවෙන් ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 65 කට සීමා වෙමින් මහත් අසරණ තත්ත්වයකට ඇද වැටුණහ. බංග්ලාදේශයේ ෂිලාත් නුවරදී අද (15 වැනිදා) පැවැති මෙම තරගයේදී ඉතාමත් පහසුවෙන් ඉලක්කය පසුකර ගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ, ඕවර 11.3 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 කින් තරගය ජයගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තාය. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 08 ක් ව තිබියදී රේණුකා සහ ඉන්දීය කඩුලු රකින්නිය වූ රිචා ගෝෂ් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා නායිකාව දුවද්දී දවාගත්හ. එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ විවේකාගාරයත්, තණතීරුවත් අතර එකම පෙරහැරකි.

පිතිකාරිණියෝ එති. තණතීරුවේදී තම සීමාව සලකුණු කරති. දැවී ආපසු ක්‍රීඩාගාරයට යති.
රේණුකා සිං සහ ස්නේහා රානා එක්ව ලකුණු 24 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිනියෝ 8 දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

ඉනිමේ තුන්වැනි ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 08 ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුව, 12 වැනි ඕවරයේදී ලකුණු 32 කට කඩුලු 8 ක් ලෙසින් සටහන් කළේය. 9 වැනි කඩුල්ලත් ලකුණු 43 දී බිඳ වැටුණ නමුත්, ඉනෝකා රණවීර (නොදැවී 18) සහ අචිනි කුලසූරිය (නොදැවී 06) එක්ව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 65 ක් දක්වා කැඳවාගෙන ගියහ.

ඉන්දීය කාන්තවන්ගේත් කඩුලු දෙකක්  ලකුණු 35 කට බිඳ වැටුණ නමුත්, කාන්තා වි-20 අන්තර්ජාතික තරග 102 ක අත්දැකීම් ඇති ස්මිත්‍රි මන්දනා, පන්දු 25 කින් ලබාගත් ලකුණු 51 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.


ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 65 යි
(ඕධෂී රණසිංහ 13, ඉනෝකා රණවීර නොදැවී 18, රේණුකා සිං (05/3, රාජේෂ්වරී ගයික්වාඩ් 16/2, ස්නේහා රානා 13/2)

ඉන්දීය කාන්තාවෝ - ඕවර 8.3 කදී කඩුලු 2 ට 71 යි
(ස්මිත්‍රි මන්දනා නොදැවී 51, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 11)

- 213

 


අදහස් (0)

රේණුකා - ස්නේහා ශ්‍රී ලංකාව අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.