Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැතිව්ස්ට කෝටි 5 ක ලන්සුවක්

මැතිව්ස්ට කෝටි 5 ක ලන්සුවක්

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී (2020) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසියේ පළමු අදියර අද (19 වැනිදා) කොල්කටාහිදී පැවැත්වීමට නියමිතය. එහිදී ඉහළම මූලික ලන්සුව සඳහා නම් කර ඇති ක්‍රීකයන් 7 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ද ඇතුළත්ව සිටියි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන පැට් කමින්ස්, ජොස් හේසල්වුඞ්, ක්‍රිස් ලයන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල් මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඬේල් ස්ටේන්ද ඉහළම ලන්සු සඳහා නම් කර ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති. එහිදී ඔවුන් වෙන්දේසි කිරීමට නියමිත මූලික ලන්සුව ඉන්දීය රුපියල් කෝටි 2 කි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 ඉක්මවන්නකි.

ලැයිස්තුගත ක්‍රීඩකයන් 971 ක් අතරින් තෝරාගත් ක්‍රීඩකයන් 332 ක් වෙන්දේසියේ පළමු අදියරේදී  කණ්ඩායම් 8 හිමිකරුවන් අතරේ වෙන්දේසි කිරීමට නියමිතය. ඒ අතර සිටින ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයන් සංඛ්‍යාව 134 කි. එහිදී දෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 1.5 ක ලන්සුව සඳහා ක්‍රීඩකයන් 10 දෙනකුද, තෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටියක ලන්සුව සඳහා ක්‍රීඩකයන් 23 දෙනකු තොරාගනු ලැබ ඇත.

ඉන්දීය රුපියල් කෝටියක ලන්සුව සඳහා තෝරාගෙන ඇති ක්‍රීඩකයන් ගොන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාද ඇතුළත්ව සිටියි.

ඉන්දීය රුපියල් කෝටි 2 ලන්සුව
පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව), ජොස් හෙසල්වුඞ් (ඕස්ට්‍රේලියාව), ක්‍රිස් ලයන් (ඕස්ට්‍රේලියාව), මිචෙල් මාෂ් (ඕස්ට්‍රේලියාව), ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) සහ ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)

ඉන්දීය රුපියල් කෝටි 1.5 ලන්සුව
ඔයින් මෝගන් (එංගලන්තය), ජේසන් රෝයි (එංගලන්තය), රොබින් උතප්පා (ඉන්දියාව), ක්‍රිස් මොරිස් (දකුණු අප්‍රිකාව), ක්‍රිස් වෝක්ස් (එංගලන්තය), ඇඩම් සම්පා (ඕස්ට්‍රේලියාව), ෂෝන් මාර්ෂ් (ඕස්ට්‍රේලියාව), ඩේවිඩ් විලි (එංගලන්තය), කේන් රිචඞ්සන් (නවසීලන්තය) සහ කයිල් ඇබට් (දකුණු අප්‍රිකාව)

ඉන්දීය රුපියල් කෝටි 1 ලන්සුව
ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව), සෑම් කරන් (එංගලන්තය), යූසෆ් පතන් (ඉන්දියාව), නේදන් කූල්ටර්නයිල් (ඕස්ට්‍රේලියාව), ටොම් බැන්ටන් (එංගලන්තය), ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය), රිලී රූසොව් (දකුණු අප්‍රිකාව), ඇන්ඩෘ ටේ (ඕස්ට්‍රේලියාව), ජයදේව් උනාද්කට් (ඉන්දියාව), පියුෂ් චවුලා (ඉන්දියාව), ටිම් සවුති (නවසීලන්තය), මාටින් ගප්ටිල් (නවසීලන්තය), එවින් ලුවිස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), කොලින් මුන්රෝ (නවසීලන්තය), මාකස් ස්ටොයින්ස් (ඕස්ට්‍රේලියාව), මුස්ටෆිසුර් රහමන් (බංගලාදේශය), ටොම් කරන් (එංගලන්තය), ඇෂ්ටන් ආගර් (ඕස්ට්‍රේලියාව), මොයිසස් හෙන්රිකස් (ඕස්ට්‍රේලියාව), ඩි’ආසි ෂෝට් (ඕස්ට්‍රේලියාව), ජේම්ස් පැටින්සන් (ඕස්ට්‍රේලියාව), ලයෑම් ප්ලන්කට් (එංගලන්තය) සහ තිසර පෙරේරා (ශ්‍රී ලංකාව)

-036

 


අදහස් (0)

මැතිව්ස්ට කෝටි 5 ක ලන්සුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.