Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මාක් වුඩ් එංගලන්තය දිනවයි
මුල්තාන් ටෙස්ට් තරගය

මාක් වුඩ් එංගලන්තය දිනවයි

editorial - 2022 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්වැනි දිනයේදී අධිවේගී පන්දු යැවීමක නිරත වූ මාක් වුඩ්, පාකිස්තානයට එරෙහිව, මුල්තාන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 26 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම, 2-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් විය.

ලකුණු 355 ක  ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානුවෝ මාක් වුඩ්ගේ (65/4) අධිවේගී පන්දු යැවීම හමුවේ ලකුණු 328 කට දැවී ගියහ. සිය ඇළපතේ ආබාධයක් හේතුවෙන් රාවල්පිණ්ඩියේදී පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නොහැකි වූ මාක් වුඩ්, පන්දු 12 ක් ඇතුළතදී මොහොමඩ් නවාස් (45) සහ සවුද් ශකීල් (94) දෙදෙනා දවාලමින් තරගයේ වාසිය එංගලන්තය වෙත ඇද දුන්නේය. තරගාවලිය සමකිරීමේ අපේක්‍ෂාවෙන්, අඝා ෂල්මාන් (නොදැවී 20) අර්බාර් අහමඩ් (17) දෙදෙනා තරමක් වැරෙන් පන්දුවට පහර දුන් නමුත් ජේම්ස් ඇන්ඩසන් සහ මාක් වුඩ් ඊට හරස් වූහ.

බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව එංගලන්තය යන්නේ අධිවේගී ගමනකි. ටෙස්ට් තරගයකදීත්, ඕවරයකට ලකුණු 5 ක් හෝ ඊට වැඩි වේගයකින් ලකුණු ලබාගන්නා එංගලන්ත පිතිකරුවෝ ප්‍රතිවාදී කණ්ඩායමක් දවාගැනීම සඳහා තමන්ගේ පන්දු යවන්නන්ට ඕනෑතරම් කාලය ඉතිරිකර දෙති. මෙය සනත් ජයසූරිය නායකත්වය දැරූ යුගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් අනුගමනය කළ උපායකි.
මැකලම් පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම මුහුණ දුන් ටෙස්ට් තරග 9 කින් තරග 8 ක් ජයගෙන තිබේ.

එංගලන්තයේ නව තරග රටාව හඳුන්වන්නේ “බැස්බෝල්” යනුවෙනි. එය බ්‍රෙන්ඩන් මැකලම් අමතන අන්වර්ථ නාමයකින් බිඳී ආවකි. මේ වන විට එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේත්, විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේත් ලෝක කුසලාන දෙකම හිමිකරගෙන සිටින එංගලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ වේගයෙන් ඉහළ නගිමින් සිටී.
එංගලන්තය ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කරන්නේ වසර 17 කට පසුවය. මෙය එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයේදී ලබාගත් තුන්වැනි ටෙස්ට් තරගාවලි ජයයි. ඔවුන්ගේ අවසන් තරගාවලි ජයග්‍රහණ වාර්තා වන්නේ 1961 දී සහ වසර 2000 දීය.


එංගලන්තය - පළමු ඉනිම 281 යි
පාකිස්තානය - පළමු ඉනිම 202 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 275 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම 328 යි

(අබ්දුල්ලා ශෆීක් 45, මොහොමඩ් රිස්වාන් 30, සවුද් ශකීල් 94, ඉමාම් උල් හක් 60, ෆහීම් අශ්රෆ් 10, මොහොමඩ් නවාස් 45, අඝා ෂල්මාන් නොදැවී 20, ආර්බර් අහමඩ් 17, ඔලී රොබින්සන් 23/2, මාක් වුඩ් 65/4, ජේම්ස් ඇන්ඩසන් 44/2)

 - 213

 


අදහස් (0)

මාක් වුඩ් එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.