Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්කොට් කුග්ලෙජින්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී විස්සයි20 පැවැති පෙරහුරු ක්‍රිකට් තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ස්කොට් කුග්ලෙජින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළේය.
මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෙන්ම නායක අෂාන් ප්‍රියන්ජන්ද (3) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ කුග්ලෙජින් ඉන් නොනැවතී වනිඳු හසරංගද පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය.
ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කිරීම සඳහා කුග්ලෙජින් අනගි සහායක් දුන් ඉෂ් සෝධි ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. භානුක රාජපක්ෂ (22) සහ ෂෙහාන් ජයසූරිය (26) එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ සෝධි, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
පන්දු 23 කට මුහුණදුන් භානුක, හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු රැස්කළ අතර පන්දු 25 කදී වාර්තා වූ ෂෙහාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. පන්දු 11 කට ක්‍රීඩා කළ දසුන් ශානක, ඩැරිල් මිචෙල්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25 කි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
සෙසු ආරම්භක පිතිකරුවා වූ මාටින් ගප්ටිල් පන්දු 24 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියදී ෂෙහාන් ජයසූරියගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර පන්දු 24 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 41 ක් ලබාගත් රොස් ටේලර්ද, මුන්රෝ මෙන්ම පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමිනි.
නවසීලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 168
(මාටින් ගප්ටිල් 22, කොලින් මුන්රෝ 48, රොස් ටේලර් 41, වනිඳු හසරංග 35/2)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135
(ධනුෂ්ක ගුණතිලක 19, භානුක රාජපක්ෂ 22, ෂෙහාන් ජයසූරිය 26, දසුන් ශානක 25, ලක්ෂාන් සඳකැන් නොදැවී 12, ස්කොට් කුග්ලෙජින් 19/4, ඉෂ් සෝධි 43/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.