Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

editorial - 2019 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 318 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 419 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 100 කට සීමා කිරීමට ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය වේග පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කේමර් රෝච් පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 38 ක් රැස්කළේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බුම්රා, ඕවර 8 කදී ලකුණු 7 කට කඩුලු 5 ක් බිඳහෙළමින් කොදෙව් ඉනිම අඩ පණ කළේය. කොදෙව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බුම්රාට අනගි සහායදුන් දුන් ඉෂාන්ත් ශර්මා ලකුණු 31 කට කඩුලු 3 ක්ද, මොහොමඞ් සාමි ලකුණු 13 කට කඩුලු 2 ක්ද බැගින් දවාගත්හ.

ලකුණු 75 ක මුල් ඉනිමේ වාසියත් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 343 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය ලබාගැනීමට අජින්ක්‍යා රහනේ (102) සමත් විය.

නායක විරාට් කෝලි සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රහනේ, ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල වෙනුවෙන් 135 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කෝලිගේ 21 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර විහාරිගේ 2 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 222
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 343

(ලොකේෂ් රාහුල් 38, චෙතේෂ්වර් පුජාරා 25, විරාට් කෝලි 51, අජින්ක්‍යා රහනේ 102, හනුමා විහාරි 93, රොස්ටන් චේස් 132/4)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 100
(කේමර් රෝච් 38, ජස්ප්‍රීට් බුම්රා 07/5, ඉෂාන්ත් ශර්මා 31/3, මොහොමඞ් සාමි 13/2)

-036

 


අදහස් (0)

පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.