Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්දු යවන්නෝ කොල්කටා ජය ඉක්මන් කරති
අයි.පී.එල්. - 2024

පන්දු යවන්නෝ කොල්කටා ජය ඉක්මන් කරති

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ලක්නව් නුවරදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් 98 ක පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී කොල්කටා කණ්ඩායම ලැබූ අටවැනි වැනි ජය මෙන්ම ලක්නව් කණ්ඩායම ලැබූ  සිවුවැනි පරාජයද මෙය විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායමට කොල්කටා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. එහිදී හර්ෂිත් රානා සහ වරුණ් චක්‍රවර්ති කඩුලු 3 බැගින් බිඳහෙළුමින් ලක්නව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. ඔන්ඩ්‍රි රසල් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගනිමින් ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන්නේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 235 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 39 කින් ලකුණු 81 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. පිලිප් සෝල්ට් (32) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නරේන් සමත් විය.
 
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ නායක ශ්‍රෙයාස් අයියර් 15 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, රමන්දීප් සිං පන්දු 6 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් කොල්කටා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 235
(පිලිප් සෝල්ට් 32, සුනිල් නරේන් 81, අන්ග්‍රිෂ් රඝුවංශි 32, රිංකු සිං 16, ශ්‍රෙයාස් අයියර් 23, රමන්දීප් සිං නොදැවී 25, නවීන් උල්හක් 49/3)

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 137 
(ලෝකේෂ් රාහුල් 25, මාකස් ස්ටොයිනිස් 36, ඇෂ්ටන් ටනර් 16, හර්ෂිත් රානා 23/3, වරුණ් චක්‍රවර්ති 30/3, ඔන්ඩ්‍රි රසල් 17/2) 

-036 


අදහස් (0)

පන්දු යවන්නෝ කොල්කටා ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.