Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නෙදර්ලන්ත ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

නෙදර්ලන්ත ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

editorial - 2023 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 87 ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 42.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පෝල් වැන් මීකිරන් ඕවර 7.2 කදී ලකුණු 23 කට කඩුලු 4 ක් බිඳහෙළමින් නෙදර්ලන්ත කණ්ඩා‍යමේ ජයග්‍රහණය ඉක්මන් කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් බස් ඩි’ලීඩ් ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත්තේය. මෙහිදි හසන් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරෙ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළද බංග්ලාදේශය පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 229 ක් ලබාගත් අතර නෙදර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ස්කොට් එඩ්වඩ්ස් පන්දු 89 කින් ලකුණු 68 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

මුස්තෆිසුර් රහමන් නිලකුණු ඕවරයක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳහෙළූ අතර මහෙදි හසන්, ටස්කින් අහමඩ් සහ ‍ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් නෙදර්ලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා මුස්තෆිසුර්ට අනගි සහායක් දුන්හ.

 

නෙදර්ලත්නය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 229
(වෙස්ලි බැරෙසි 41, කොලින් ආක්මන් 15, ස්කොට් එඩ්වඩ්ස් 68, බස් ඩි’ලීඩ් 17, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් 35, ලෝගන් වැන් බීක් නොදැවී 23, මුස්තෆිසුර් රහමන් 36/2, ‍මහෙදි හසන් 40/2,  ටස්කින් අහමඩ් 43/2, ෂොරිෆුල් ඉස්ලාම් 51/2)

බංග්ලාදේශය - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 142
(ටැන්සිඩ් හසන් 15, මෙහෙදි හසන් 35, මහමදුල්ලා රියාද් 20,  මහෙදි හසන් 17, මුස්තෆිසුර් රහමන් 20, පෝල් වැන් මීකිරන් 23/4, බස් ඩි’ලීඩ් 25/2)  


අදහස් (0)

නෙදර්ලන්ත ක්‍රීඩකයෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.