Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නිපුන් දුර එල්ලයක් අල්ලයි

නිපුන් දුර එල්ලයක් අල්ලයි

යොහාන් භාසුර - 2019 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත් කණ්ඩායම් නිර්මාණය කරගැනීමට අත්දැකීම් ලබාගැනීම ඉදිරි සියලුම සංචාරවල එකම ඉලක්කය බව ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායක නිපුන් ධනංජය පැවසීය. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ බංග්ලාදේශ තරග සංචාරයට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිපුන් වැඩි දුරටත් මෙසේ පැවසීය. 

“මෙම බංග්ලාදේශ සංචාරය සියලුම ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක්. මෙම තරගාවලියට සමබර කණ්ඩායමක් ලැබී තිබෙනවා. මාසයක පමණ කාලයක් අපි හොඳින් පුහුණුවීම් කළා. ඒ වගේම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ලැබීම අපිට වටිනා අත්දැකීමක්”

“සංචාරය කුමක් වුණත් දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය තමයි අපේ එකම ඉලක්කය සහ අධිෂ්ඨානය” යැයි ශ්‍රී ලංකා යොවුන් නායකයා වැඩි දුරටත් පැවසීය. 

  ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ප්‍රධාන පුහුණුකරු, ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක වන හෂාන් තිලකරන්න මහතා පැවසුවේ 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මෙම තරගාවලියට වයස 17 න් පහළ ක්‍රීඩකයන් පස්දෙනකු ද ඇතුළත් කළ බවයි.

“සිව්දින සංචිතයට වයස 17 න් පහළ ක්‍රීඩකයන් සිවුදෙනෙක් සහ එක්දින සංචිතයට ක්‍රීඩකයකු ඇතුළත් කර තිබෙනවා. අනාගතය ගැන හිතලයි අපි ඒ ක්‍රීඩකයන් ඇතුළත් කළේ” යැයි තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

වයස 17 න් පහළ ක්‍රීඩකයන් වන චමිඳු විජේසිංහ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ සිවුදින සංචිතයටද, යසිරු රොද්‍රිගු එක්දින සංචිතයට ද ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම් අතර පළමු සිවුදින තරගය බාරිසාල්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.    


වයස 19 න් පහළ එක්දින සංචිතය:

නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, මොහොමඞ් ශමාෂ්, චිහාන් කලිඳු, අභිෂේක් කහදුවආරච්චි, රවිඳු රසන්ත, අවිෂ්ක තරිඳු, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, කවිඳු නදීෂාන්, යසිරු රොද්‍රිගු, ඩිල්ෂාන් මධුසංඛ, අම්ෂි ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, දිලුම් සුදීර සහ සොනාල් දිනූෂ


වයස 19 න් පහළ සිවුදින සංචිතය:

නිපුන් ධනංජය (නායක), චමිඳු විජේසිංහ, අභිෂේක් කහදුවආරච්චි, රවිඳු රසන්ත, සොනාල් දිනූෂ, චිහාන් කලිඳු, අවිෂ්ක පෙරේරා, කවිෂ්ක ලක්‍ෂාන්, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිෂ්ක ලක්‍ෂාන්, ඩිල්ෂාන් මධුසංඛ, චමිඳු විජේසිංහ, රුවින් පීරිස්, අම්ෂි ද සිල්වා සහ මතීෂ පතිරණ


තරගාවලි කාල සටහන

● ඔක්. 26 සිට 29 - පළමු සිවුදින තරගය බාරිසාල්හිදී

● නොවැ. 02 සිට 05 - දෙවැනි සිවුදින තරගය කුල්නාහිදී

● නොවැ. 09 - පළමු එක්දින තරගය කුල්නාහිදී

● නොවැ. 11 - දෙවැනි එක්දින තරගය කුල්නාහිදී

● නොවැ. 14 - තෙවැනි එක්දින තරගය කුල්නාහිදී

● නොවැ. 17 - සිවුවැනි එක්දින තරගය කුල්නාහිදී

● නොවැ. 19 - පස්වැනි එක්දින තරගය කුල්නාහිදී


අදහස් (0)

නිපුන් දුර එල්ලයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.