Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්ත පිල පිට පිටම දෙවැනි ජයත් ලබයි

නවසීලන්ත පිල පිට පිටම දෙවැනි ජයත් ලබයි

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251 ක් පමණි. ටිම් සවුති, කයිල් ජෙමීසන්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් සහ හමීෂ් බැනෙට් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 153 ක් වන විට ඉනිමේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටුණද, එතැන් පටන් 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රවින්ද්‍ර ජදේජා (55) සහ නව්දීප් සයිනි (45) ඉන්දීය කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ. එහෙත් හමීෂ් බැනෙට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සයිනි දැවීයෑමත් සමග එම බලාපොරොත්තු සුනුවිසුණු වී ගියේය.

අවසන් පිතිකරුවන් දෙදෙනා සමග එක්ව ජදේජාට ඉන්දීය ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාවට එක් කිරීමට හැකි වූයේ තවත් ලකුණු 22 ක් පමණි. ජේම්ස් නීෂම්ගේ පන්දුවක් හමුවේ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් අතට උඩ පන්දුවක් දෙමින් ජදේජා දැවී යෑමත් සමග ඉන්දීය ඉනිම නිමාවට පත් විය.

පන්දු 73 කදී ලබාගත් ජදේජාගේ 12 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු පන්දු 49 කදී වාර්තා වූ සයිනිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඉන්දීය ඉනිමේ මුල් පිතිකරුවන් 6 දෙනා අතරින් අර්ධ ශතකයක් ලබාගත් එකම පිතිකරුවා වූ ශ්‍රෙයාස් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 52 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණු 273 ක් ලබාගත් අතර පළමු තරගයේදී ශතකයක් ලබාගත් රොස් ටේලර් මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (79) සහ හෙන්රි නිකෝල්ස් (41) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආම්භයක් ලබාදුන්හ. පන්දු 79 කට මුහුණදුන් ගප්ටිල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 59 කදී වාර්තා වූ නිකෝල්ස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තරගත විය.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 273
(මාටින් ගප්ටිල් 79, හෙන්රි නිකෝල්ස් 41, ටොම් බ්ලන්ඩල් 22, රොස් ටේලර් නොදැවී 78, යුස්වේන්ද්‍ර චාහල් 58/3, ශර්දුල් ඨාකූර් 60/2)

ඉන්දියාව - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 251
(ප්‍රිත්වි ෂෝ 24, විරාට් කෝලි 15, ශ්‍රෙයාස් අයියර් 52, රවින්ද්‍ර ජදේජා 55, ශර්දුල් ඨාකූර් 18, නව්දීප් සයිනි 45, ටිම් සවුති 41/2, කයිල් ජෙමීසන් 42/2, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 54/2, හමීෂ් බැනෙට් 58/2)


-036


අදහස් (0)

නවසීලන්ත පිල පිට පිටම දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.