Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්ත කණ්ඩායම ඩුබායි නුවරට

නවසීලන්ත කණ්ඩායම ඩුබායි නුවරට

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු සංචාරය හදිසියේම නවතා දැමූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයෙන් පිටත්වී අද (19 වැනිදා) අලුයම ඩුබායි වෙත පැමිණියේය. පාකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය සමඟ යම් යම් තොරතුරු හුවමාරු කර ගෙන තිබුණද, ”නිශ්චිතව පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ එම තොරතුරු හෙළි කළ නොහැකි” බව නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක ඬේවිඞ් වයිට් මහතා පැවසීය.

“ඊයේ (18 වැනිදා) රාත්‍රියේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ඩුබායි වෙත පැමිණියා” යැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණ. 

“ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් සහ සහයකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට ඩුබායි හෝටලයකදී පැය 24 ක හුදකලා වීමක නිරත වෙමින් සිටිනවා.”

“කණ්ඩායමට එරෙහිව තර්ජනයක් තිබූ බව නිශ්චිත සහ විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්න ලැබුනා. ඒ අනුව අපට මෙහි රැඳී නොසිටින ලෙස උපදෙස් දුන්නා” මට කියන්න පුලුවන් එකම දෙය එය විතරයි යැයි වයිට් මහතා පැවසීය. 

තීරණයක් ගැනීමට පෙර අපි නවසීලන්ත රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූවා. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් අතරද දුරකථන සාකච්ඡාවක් පැවැති බව අපට වැටහී ගියේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට අපේ ස්ථාවරය දැනුම් දීමෙන් පසුවයි”

“අවාසනාවකට මෙන්, අපට ලැබුණු උපදෙස් අනුව අපට මෙරට රැඳී සිටීමට ක්‍රමයක් නෑ”

“ආරක්ෂක තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවක් සහ අවදානම් අවම කිරීමේ පියවර මත පදනම්ව පාකිස්තානයේ සංචාරය කිරීමට නවසීලන්තය සිය මූලික තීරණය ගෙන තිබුනේ. ඒත් සිකුරාදා ඒ සියල්ල වෙනස් වුනා” යැයි ඬේවිඞ් වයිට් මහතා පැවසීය.

“උපදෙස් වෙනස් වුණා. තර්ජනයේ මට්ටමත් වෙනස් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගත හැකි එකම වගකිවයුතු ක්‍රියාමාර්ගය අපි ගත්තා” යයිද හෙතෙම පැවසීය. 

නවසීලන්ත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන් රැඳී සිටි ඉස්ලාමාබාද් නුවර හෝටලයේ සිට ගුවන් තොටුපල වෙත පැමිණියේ වෙඩි නොවදින බස් රථ වලිනි. එසේ පැමිණි නවසීලන්ත ක්‍රීඩකයෝ තමන්ව කැඳවාගෙන යාමට ඩුබායි සිට පැමිණි විශේෂ පෞද්ගලික ගුවන් යානයට ගොඩ වූහ.

ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියට සම්බන්ධ නොවන ක්‍රීඩකයින් ගුවන් ගමන් සහ නිරෝධායන පහසුකම් සකස් කළ පසු හැකි ඉක්මනින් නවසීලන්තයට පැමිණෙනු ඇත.

- 2079


අදහස් (0)

නවසීලන්ත කණ්ඩායම ඩුබායි නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.