Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නජ්මුල්ගේ ශතකය බංග්ලාදේශ නැඟීඑන පිල ඔසවා තබයි

නජ්මුල්ගේ ශතකය බංග්ලාදේශ නැඟීඑන පිල ඔසවා තබයි

editorial - 2019 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ නජ්මුල් හුසේන්ගේ (නොදැවී 124) පිතිහරඹය හමුවේ සංචාරක ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමට එරෙහිව කුල්නාහිදී අද (27 වැනිදා) ආරම්භවූ පළමු නිල නොවන ටෙස්ට් තරගය පළමු දිනට අවසන් කරනවිට බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 233 ක් රැස්කිරිමට සමත්විය.

දිනය නිමාවන විට පන්දු 249 කට පහරදෙමින් කඩුල්ලේ රැඳී සිටි නජ්මුල් හුසේන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් අලංකාර විය.

නජ්මුල් හුසේන්ට අනගි සහයක් ලබාදුන් අෆීෆ් හුසේන් අර්ධ ශතකයක් (54) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 108 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි අෆීෆ් හුසේන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

සයිෆ් හසන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නජ්මුල් හුසේන් ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල සඳහා අෆීෆ් හුසේන් සමගින්ද එක්ව තවත් ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායක චරිත් අසංලක පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් පස් දෙනෙකු යොදාගත් අතර ඔවුන් හොදින් පන්දු යැවීම සිදුකළද කඩුලු ලබානොදීමට බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායමේ පිතිකරුවෝ පරිස්සම් වූහ.

කළණ පෙරේරා, රමේෂ් මෙන්ඩිස් සහ නිෂාන් පිරීස් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූ අතර එක් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට කළණ පෙරේරා සමත්විය.
හෙට (28 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 233
(නජ්මුල් හුසේන් නොදැවී 124, අෆීෆ් හුසේන් 54)

...


අදහස් (0)

නජ්මුල්ගේ ශතකය බංග්ලාදේශ නැඟීඑන පිල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.