Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් කණ්ඩායම සහ රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දසුන් ශානක නාකත්වය දරන කොමිලා වොරියර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කොමිලා වොරියර්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කළ ඩේවිඩ් මැලන් කොමිලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය
සබීර් රහමන් (49) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැලන් සමත් විය. පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු රැස්කළ රහමන් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් නයීම් අතට උඩ පන්දුවක් දෙමිනි.
ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ භානුක රාජපක්ෂ (32) සහ සෞම්‍ය සාකර් (41) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කොමිලා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 13 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ සෞම්‍ය සාකර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 181 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භ පිතිකරු මොහොමඩ් ශේෂාඩ් පන්දු 27 කදී ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
මොහොමඩ් නයීම් (8) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශේෂාඩ් සමත් විය. ටොම් ඒබල් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, නායක මොහොමඞ් නබී පන්දු 20 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, ලුවිස් ජෝජ් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් රාංපූර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
රාංපූර් රේන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 181
(මොහොමඩ් ශේෂාඩ් 61, ටොම් ඒබල් 25, මොහොමඞඩ් නබී 26, ලුවිස් ජෝජ් 21, මුජිබුර් රහමන් 25/2)
කොමිලා වොරියර්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 182
(භානුක රාජපක්ෂ 32, සෞම්‍ය සාකර් 41, සබීර් රෙහෙමාන් 49, ඩේවිඩ් මැලන් නොදැවී 42)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.