Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ පෙරමුණ ගනී
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ පෙරමුණ ගනී

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද පූනේ නුවර සිට..)

‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දියාව පියවරක් පසුපසට ඇද දමිමින් එහි පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව පෙරේදා (27 වැනිදා) සමත් විය. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී කඩුල්ලක තියුණු ජයක් ලැබීමත් සමග දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

මේ වන විට දකුණු අප්‍රිකාව සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන ලකුණු 10 ක් ලබා සිටියි. දකුණු අප්‍රිකාවට වඩා පියවරක් පසුපසින් සිටින ඉන්දියාව මෙතෙක් සහභාගි වූ තරග 5 ම ජයගෙන අපරාජිතව ලකුණු 10 ක් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගයට අනුව ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.

තරග 4 බැගින් ජයගෙන සිටින නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පිළිවෙලින් එහි තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති. ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන්නේ තරග 2 ක් ජයගනිමිනි. පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ නෙදර්ලන්තය පිළිවෙලින් හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවල පසුවන්නේද ජයග්‍රහණ 2 බැගින් වාර්තා කරමිනි.


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.