Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානුවෝ සීමා - තහංචි දැඩි කරති

දකුණු අප්‍රිකානුවෝ සීමා - තහංචි දැඩි කරති

editorial - 2020 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන සෙනසුරාදා (26 වැනිදා) ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරනු ලැබ සිටි දකුණු අප්‍රිකානු සංචිතයෙන් බියුරන් හෙන්ඩි්‍රක්ස් සහ කීගන් පීටර්සන් ඉවත්කර තිබේ. පසුගිය සිකුරාදා නම් කරනු ලැබ සිටි ක්‍රීඩකයන් 19 දෙනකුගෙන් සමන්විත සංචිතයට මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම ඇතුළත්ව සිටියහ.

පසුගිය සතියේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ආනාවරණය වීමෙන් පසුව සිකුරාදා සංචිතය නම් කරන ලදි. සෙනසුරාදා කණ්ඩායම රැස්වුවද වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් තරගාවලිය සඳහා එක්වන ජෛව ආරක්‍ෂිත බුබුලට එක් නොවීය. රෝගීන්ගේ රහස්‍යභාවය හේතු කොටගෙන වයිරසය ආසාදනය වූවන් කවුරුන්ද යන බව මාධ්‍යයට හෙළි නොකිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වග බලාගත්තේය.

කෙසේ වෙතත් සංචිතයේ සිටින අනෙක් සාමාජිකයින් 17 දෙනාට කොවිඞ්-19 පරීක්‍ෂණ තුනකදී වයිරසය අසාදනය වී නැති බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එමඟින් ජෛව ආරක්‍ෂිත බුබුල සුරක්‍ෂිත කර ඇත. වට තුනක පරීක්ෂණ වලින් නිදහස් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට මේ දක්වා පැවැති කණ්ඩායම් පුහුණු සැසි වලින් පසුව පූර්ණ සංචිතයක් ලෙස ඊයේ (23 වැනිදා) සිට පුහුණුව ආරම්භ කළේය.

ක්‍රීඩකයන් තවදුරටත් අයිරින් කන්ටි්‍ර ක්ලබ් හි පිහිටි ඔවුන්ගේ හෝටල් කාමරවලට පමණක් සීමා නොවනු ඇති අතර, සමාජ දුරස්ථ නීති රීති ක්‍රියාත්මක කරමින් ඔවුන්ට පොදු ප්‍රදේශ භාවිතා කළ හැකිය. එහෙත් මෙම ස්ථානයේම රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් සම්බන්ධ වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට අවසර හිමිනොවනු ඇත.

තරග මාලාවේ කාලසීමාව තුල සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් උද්‍යාන ක්‍රීඩාංගණය සහ ජොහැන්නස්බර්ග් නුවර පිහිටි ‘වොන්ඩරස්’ ක්‍රීඩාංගණය වෙත ගමන් කිරීම හැර ඔවුන්ට එම ස්ථානයෙන් පිටවීමට අවසර නොලැබේ. එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අසාර්ථක වූ බැවින් එම සංචාරයට වඩා දැඩි නීති රීති මගින් ක්‍රිකට් ක්‍රීඩකයින් දැඩි ලෙස පාලනය කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේදී පියවර ගනු ඇත.

එංගලන්ත තරගාවලියේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් ඔවුන්ගේ ජාත්‍යන්තර සත්කාරකත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කිසිදු සිද්ධියක් නොමැතිව ශ්‍රී ලංකා තරගාවලිය අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබේ. මෙම ග්‍රීස්ම ඍතුවේදී ඕස්ටේ්‍රලියාවට සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටින දකුණු අප්‍රිකානුවන්ට ශ්‍රී ලංකා පිලට එරෙහි තරගාවලිය හොඳින් පවත්වා අවසන් කිරීමට හැකිවුවහොත් එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

දකුණු අප්‍රිකාවේ දේශීය පළමු පෙළ තරගාවලිය දෙසැම්බර් 13 වනදා ආරම්භ වූ තරග තුනෙන් දෙකකදීම කොරෝනා වයිරස් ආසාදනය වීම් වාර්තාවීමත් සමගින් පසුගිය ඉරිදා ආරම්භවීමට නියමිතව තිබූ අවසන් වටයේ තරග කල් දැමීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. බියුරන් හෙන්ඩි්‍රක්ස් සහ කීගන් පීටර්සන් ඇතුළු ජාතික සංචිතය නියෝජනය කරන තවත් ක්‍රීඩකයෝ 8 දෙනෙකු එම තරග දෙකට ඇතුළත් වූහ.


දකුණු අප්‍රිකානු සංචිතය

ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බවුමා, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගා, සාරෙල් අර්වී, කේෂව් මහරාජ්, ඒඞ්න් මාක්රාම්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රික් නෝයේ, ඞ්වේන් ප්‍රිටෝරියස්, මිගෙල් ප්‍රිටෝරියස්, ලූතෝ සිම්පාලා, ග්ලෙන්ටන් ස්ටුවර්මන්, රාසි වැන්ඩර් ඩසන්, රේනාර් වැන්ටොන්ඩර් සහ කයිල් වරීන්


- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ සීමා - තහංචි දැඩි කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.