Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

දකුණු අප්‍රිකානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

editorial - 2020 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩීන් එල්ගා (95), ඒඞ්න් මාර්ක්රම් (68) සහ ෆෆ් ඩු ප්ලෙසීස්ගේ (නොදැවී 55) අර්ධ ශතක හමුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 317 රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 79 ක් පසුපසින් දකුණු අප්‍රිකාව ඒ වනවිට සිටියේය.

දිනය නිමාවන විට ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 55 ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ලකුණු 20 ක් තුල අවසන් කඩුලු 3 දැවී ගියද ඉන් නොසැලුණු ෆෆ් ඩු ප්ලෙසීස් සහ ටෙම්බා බවුමා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගත් ඩීන් එල්ගා සහ ඒඞ්න් මාර්ක්රම් පළමු කඩුල්ල සඳහා ලකුණු 141 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ බැක්වඞ් පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට උඩපන්දුවක් දෙමින් ඒඞ්න් මාර්ක්රම් දැවී ගියේය. මාර්ක්රම් දැවී යනවිට පන්දු 94 කට මුහුණදී සිටි අතර හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට අයත්විය.

තේ පානය වනවිට ලකුණු 180 කට එක් කඩුල්ලක් පමණක් අහිමිකරගෙන සිටි දකුණු අප්‍රිකානුවෝ තේ පානයෙන් පසුව දිනය අවසන් වනතෙක් කාලය තුල කඩුලු 3 ක් අහිමිකර ගනිමින් තවත් ලකුණු 137 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ.

ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් ශතකය පෙනි පෙනී පන්දු යැවූ දසුන් ශානක අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත් විය. පන්දු 13 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි එල්ගාර් හතරේ පහර 16 ක් සමගින් ලකුණු 95 ක් ලබාගත්තේය.

රාසි වැන්ඩර් ඩසන් ලකුණු 15 කට දවාගැනීමට ළහිරු කුමාර සමත්වූ අතර සිය මංගල කඩුල්ල ලෙස දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි‘කොක් දවාගැනීමට වනිඳු හසරංග සමත්විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ 6 වැනි ඕවරය යවමින් සිටියදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද ආබාධයකට ලක්වූ අතර පසුව ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත්විය.

පළමු දිනය වූ පෙරේදා (26 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 340 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී තවත් ලකුණු 56 ක් තුල ඉතිරි කඩුලු 3 ත් අහිමිකර ගත්තේය. ඊයේ දිනයේදී ඕවර 11 කට පමණක් මුහුණදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ වේගයෙන් ලකුණු රැස්කිරීමේ නිරත වූහ. 

ලකුණු 79 ක් රැස්කර සිටියදී කළව පිටුපස ප්‍රදේශයේ මස්පිඩු ඉරීයාමක් හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත්වූ ධනංජය ද සිල්වා ඊයේ දිනයේදීද පන්දුවට පහරදීමට නොපැමිණි අතර ඔහුට සති දෙකක් කාළයක් විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත.

ලකුණු අතර සිටි ධනංජය ද සිල්වා ආබාධය හේතුවෙන් යළිත් පිටියට නොපැමිණීම නිසා ලකුණු 400 සීමාව පසුකරමින් දකුණු අප්‍රිකානුවන්ට දැඩි පීඩනයක් ලබාදීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගියේය.

ලකුණු 25 ක් රැස්කරමින් ඊයේ දිනය නිමාවන විට කඩුල්ලේ රැඳී සිටි දසුන් ශානක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය (නොදැවී 66) ලබාගැනීමට අද සමත්විය. පන්දු 87 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඔහුගේ අන්තය ආරක්‍ෂා කරගනිමින් වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ දැරූහ. නමුත් පසුපෙළ පිතිකරුවන්ට ඔවුන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමට නොහැකි වීම නිසා ඉනිම අවසන් වනවිට එක් අන්තයක ඔහු හුදකලා විය.

මංගල තරගයට එක්වූ ලුතෝ සිපම්ලා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 76 කට කඩුලු 4 ක් දවාගත් අතර වියාන් මල්ඩර් ලකුණු 69 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ. ඉතිරි කඩුලු 2 ක වේග පන්දු යවන්නන් වූ ලුන්ගි න්ගිඩි සහ ඇන්රිච් නෝයේ අතර බෙදී ගිය නමුත් එකම දඟපන්දු යවන්නා වූ කේෂව් මහරාජ්ට කඩුල්ල දවාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

ලකුණු පුවරුව
 
ශ්‍රී ලංකා පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ප.න්ගිඩි 22
කුසල් පෙරේරා - ඇ.කොක් ප.මල්ඩර් 16
කුසල් මෙන්ඩිස් - ඇ.න්ගිඩි ප.නෝයේ 12
දිනේෂ් චන්දිමාල් - ඇ.ප්ලෙසීස් ප.මල්ඩර් 85
ධනංජය ද සිල්වා - පිටියෙන් ඉවත්විය 79
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා 49
දසුන් ශානක - නොදැවී 66
වනිඳු හසරංග - ප.සිපම්ලා 18
කසුන් රාජිත - ඇ.එල්ගා ප.සිපම්ලා 12
විශ්ව ප්‍රනාන්දු - ප.සිපම්ලා 0
ළහිරු කුමාර - ඇ.වැන්ඩර් ඩසන් ප.සිපම්ලා 0
අතිරේක 37
ඕවර 96 කදී සියලුදෙනා දැවී ලකුණු 396
කඩුලු වැටීමඃ
1-28 (දිමුත්), 2-54 (මෙන්ඩිස්), 3-54 (පෙරේරා), 4-284 (චන්දිමාල්), 5-296 (දික්වැල්ල), 6-320 (වනිඳු), 7-387 (රාජිත), 8-387 (විශ්ව), 9-396 (ළහිරු)
පන්දු යැවීමඃ
ලුන්ගි න්ගිඩි - 19-3-64-1, ලුතෝ සිපම්ලා - 16-1-76-4, ඇන්රිච් නෝයේ - 22-3-88-1, වියාන් මල්ඩර් - 20-4-69-3, කේෂව් මහරාජ් - 19-3-74-0
 
දකුණු අප්‍රිකානු පළමු ඉනිම
ඩීන් එල්ගාර් - ඇ. සහ ප.දසුන් 95
ඒඞ්න් මාර්ක්රම් - ඇ.දසුන් ප.විශ්ව 68
රාසි වැන්ඩර් ඩසන් - ඇ.දික්වැල්ල ප.කුමාර 15
ෆෆ් ඩු ප්ලෙසීස් - නොදැවී 55
ක්යින්ටන් ඩි‘කොක් - ඇ.තිරිමාන්න (අතිරේක) ප.වනිඳු 18
ටෙම්බා බව්මා - නොදැවී 41
අතිරේක 25
ඕවර 72 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 317
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ
වියාන් මල්ඩර්, කේෂව් මහරාජ්, ලුතෝ සිපම්ලා, ඇන්රිච් නෝයේ, ලුන්ගි න්ගිඩි.
කඩුලු වැටීමඃ
1-141 (මාර්ක්රම්), 2-200 (වැන්ඩර් ඩසන්), 3-200 (එල්ගාර්), 4-220 (ඩි‘කොක්)
පන්දු යැවීමඃ
විශ්ව ප්‍රනාන්දු - 15-2-59-1, කසුන් රාජිත - 2.1-0-16-0, දසුන් ශානක - 16.5-2-56-1, වනිඳු හසරංග - 23-3-99-1, ළහිරු කුමාර - 15-0-73-1

අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ තරගයේ පාලනය සියතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.