Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ ඩකා ප්ලැටූන් කණ්ඩායම අතර චැටෝග්‍රෑම්හි සහූර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ඩකා ප්ලැටූන් කණ්ඩායමට මෙහෙදි හසන්ගේ සහ මුක්තර් අලීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 47 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය.
ආරම්භක පිතිකරු මොමිනුල් හක් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් ඩකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ජකීර් අලී පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, නායක මෂ්රෆී මොටාසා පන්දු 6 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ මෙහෙදි හසන් ලකුණු 23 කට කඩුලු 3 ක්ද, මුක්තර් අලී ලකුණු 42 කට කඩුලු 3 ක්ද දවාගත් අතර ඩකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් කෙස්රික් විලියම්ස් සහ නසිර් හොසේන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චැලෙන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 221 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මහමදුල්ලා රියාද් පන්දු 28 කදී ලකුණු 59 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ඉම්රුල් කේයස් (40) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 62 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මහමදුල්ලා සමත් විය.
පන්දු 24 කට මුහුණදුන් කේයස් හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ චැඞ්වික් වෝල්ටන් පන්දු 18 කදී නොදැවී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ලෙන්ඞ්ල් සිමන්ස් (51) සසහ අවිෂ්ක ප්‍රනාන්දු (26) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චැලෙන්ජර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 36 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 221
(ලෙන්ඞ් සිමන්ස් 57, අවිෂ්ක ප්‍රනාන්දු 26, ඉම්රුල් කේයස් 40, මහමදුල්ලා රියාද් 59, චැඞ්වික් වෝල්ටන් නොදැවී 27, හසන් මහමුද් 55/2)
ඩකා ප්ලැටූන් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 205
(මොමිනුල් හක් 52, ජාකිර් අලී 27, ලෝරි එවන්ස් 17, අසීෆ් අලී 15, තිසර පෙරේරා 47, මෂ්රෆී මොටාසා 23, මෙහෙදි හසන් 23/3, මුක්තර් අලී 42/3, කෙස්රික් විලියම්ස් 48/2, නසිර් හොසේන් 60/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.