Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලිගෙන් තවත් ද්විත්ව ශතකයක්

කෝලිගෙන් තවත් ද්විත්ව ශතකයක්

editorial - 2019 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පූනේහි මාහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි (නොදැවී 254) සමත් විය. මේ දක්වා ටෙස්ට් තරගය 81 කට ක්‍රීඩා කර ඇති කෝලි, එහිදී ලබාගත් 7 වැනි ද්විත්ව ශතකය මෙන්ම ඉහළම ටෙස්ට් ඉනිම ලෙසද එය වාර්තා අතරට එක් විය.

දෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 36 කට කඩුලු 3 ක් දැවී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම එම තත්වයට ඇද දැමීමට පුරෝගාමී වූ උමේෂ් යාදව්, මුලු ලකුණු සංඛයාව 3 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 601 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කෝලි, හයේ පහර 2 කින් සහ හතරේ පහර 33 කින් සිය ද්විත්ව ශතකය අලංකාර කළේය.

අජින්ක්‍යා රහනේ (59) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී රවින්ද්‍ර ජදේජා (91) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 225 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. රහනේගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ජදේජාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

පළමු දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 328 ක් එක් කරගත්හ. එහිදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි. ඊයේ දිනයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් (108) ශතකයක් ලබාගත් අතර චෙතේෂ්වර් පුජාරා (58) අර්ධ ශතකයක් ලබාගත්තේය.


ඉන්දීය පළමු ඉනිම - කඩුලු 5 කට 601
(විරාට් කෝලි නොදැවී 254, මායන්ක් අගර්වාල් 108, රවින්ද්‍ර ජදේජා 91, අජින්ක්‍යා රහනේ 59, චෙතේෂ්වර් පුජාරා 58, කගිසෝ රබාඩා 91/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 3 කට 36
(තියුනිස් ඩි’බ්‍රයන් නොදැවී 20, උමේෂ් යාදව් 16/2)

-036

 


අදහස් (0)

කෝලිගෙන් තවත් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.