
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ (29 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී කොල්කටා කණ්ඩායම ලැබූ හයවැනි වැනි ජය මෙන්ම දිල්ලි කණ්ඩායම ලැබූ හයවැනි පරාජයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 16.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 33 කින් ලකුණු 68 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 57 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ශ්‍රෙයාස් අයියර් (නොදැවී 33) සහ වෙන්කටේෂ් අයියර් (නොදැවී 26) කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 23 කට බැගින් මුහුණදුන් ශ්‍රෙයාස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගද, වෙන්කටේෂ් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගද ලකුණු රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කුල්දීප් යාදව් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වරුණ් චක්‍රවර්ති සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර දිල්ලි පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහ ඔහුට අනගි සහායක් දුන් හර්ෂිත් රානා සහ විභව් අරෝරා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 153
(අභිෂේක් පෝරල් 18, රිෂාබ් පාන්ට් 27, අක්සර් පටේල් 15, කුල්දීප් යාදව් නොදැවී 35, වරුණ් චක්‍රවර්ති 16/3, හර්ෂිත් රානා 28/2, විභව් අරෝරා 29/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී 157
(පිලිප් සෝල්ට් 68, සුනිල් නරේන් 15, ශ්‍රෙයාස් අයියර් නොදැවී 33, වෙන්කටේෂ් අයියර් නොදැවී 26)

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.