Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට කොදෙව් යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (17 වැනිදා) සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක් ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මැතිව් ෆෝඞ් සහ නයීම් යංග් ප්‍රමුඛ කොදෙව් යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆෝඞ් ලකුණු 29 කට කඩුලු 3 ක්ද, යංග් ලකුණු 48 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ තෙවැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර එතැන් පටන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 171 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක නිපුන් ධනංජය (74) සමත් විය. පන්දු 98 කදී වාර්තා වූ මිෂාරගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 128 කට මුහුණුදුන් ධනංජය හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය.
අෂ්මීඞ් නෙඞ්ගේ පන්දුවක් හමුවේ කිමානි මෙලියස් අතට උඩ පන්දුවක් දෙමින් මිෂාර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව සොනාල් දිනූෂ (45) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධනංජය සමත් විය. පන්දු 40 කදී වාර්තා වූ දිනූෂගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 207 ක් ලබාගත් අතර මැතිව් පැටි්‍රක් (57) සහ නයීම් යංග් (55) අර්ධ ශතක ලබාගනිමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී පැටි්‍රක් පන්දු 101 කදී හතරේ පහර 4 ක් සමගින්ද, යංග් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ අම්ෂි ද සිල්වා ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් පීඩනයට පත් කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කවිඳු නදීෂාන් ලකුණු 40 කට කඩුලු 2 ක් බිඳහෙළීය. ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන මීළඟ තරගය අද (19 වැනිදා) එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කූලිජ්හිදී පැවැත්වීමට නියමිතය.
කොදෙව් යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 207
(ලෙනාඞ් ජූලියන් 19, කෙව්ලෝන් ඇන්ඩසන් 17, මැතිව්ස් ප්‍රැටි්ක් 57, නයීම් යංග් 55, අම්ෂි ද සිල්වා 44/5, කවිඳු නදීෂාන් 40/2)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 200
(කමිල් මිෂාර 50, නිපුන් ධනංජය 74, සොනාල් දිනූෂ 45, මැතිව් ෆෝඞ් 29/3, නයීම් යංග් 48/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.