Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ (2020) ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොව අංක එකේ විස්සයි20 කණ්ඩායම බවට පත්කිරීමට තමාට අවශ්‍ය බව ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව මේ දිනවලදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී සහ පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලියේදී 3-0 තරගාවලි ජයග්‍රහණ දෙකකින් එම අරමුණ කරා ලංවීමට තමා අපේක්ෂා කරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය හෙට (30 වැනිදා) බි්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රාත්‍රියේ පැවැත්වෙන තරගයක් වන හෙයින් මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 1.30 ට ආරම්භ වේ.
මේ වන වට ප්‍රසාද ලකුණු 262 ක් ලබා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 ශේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව, අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව මේ වන විට විස්සයි-20 ශේ්්‍රණිගත කිරීම් අතරේ 7 වැනි ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලකුණු 241 ක් හිමිකරගනිමිනි.
කෙසේ වෙතත් විස්සයි-20 ක්‍රිකට් යනු පන්දු කිහිපයක් ඇතුළතදී තරගයක් කණපිට හැරවිය හැකි ක්‍රීඩාවක් වන බැවින් ඕස්ට්‍රේලියානු නායකයා හිතන තරම් මෙය පහසු කටයුත්තක් නොවේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් අතර අංක 1 ස්ථානයේ සිටි පාකිස්තානය පාකිස්තානයේදීම 3-0 කින් පරාජය කරන ලද්දේ එවකට ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව විසිනි.
“ඉලක්කය ඒක තමයි”
“කණ්ඩායමක් හැටියට ඉහළටත් පහළටත් යන කාලයක් තියෙනවා. ඒත් දැන් අපට කිසියම් නිශ්චිත දිනයක් තියෙනවා. ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනය. ඒ වෙනුවෙන් අපි කිසියම් අත්තිවාරමක් දමාගෙන තියෙනවා... අපේ අරමුණ ශක්තිමත් විස්සයි-20 කණ්ඩායමක් විතරක් නෙමෙයි, ලෝකයේ හොඳම විස්සයි-20 කණ්ඩයම් පරද්දන්න පුළුවන් කණ්ඩායමක් හැටියට දීර්ඝ කාලයක් රැඳී සිටීමයි” යයි කණ්ඩායමේ ඉදිරිගමන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒරන් ෆින්ච් පැවසීය.
හෙට තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නකු වන මිචෙල් ස්ටාක්ට ඉවත් වී තිබේ. ඊට හේතුවී ඇත්තේ සිය සොහොයුරාගේ විවාහ මංගලෝත්සවයට සහභාගි වීම සඳහා ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් නිවාඩු ඉල්ලා තිබීමයි. ස්ටාක්ගේ ස්ථානය දැනට සංචිතයේ රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන බිලී ස්ටැන්ලේක්ට හෝ ෂෝන් ඇබට්ට විවෘත වනු ඇත.
ස්ටැන්ලේක් මෙන්ම ඇබට්ටද මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවනු ලැබුවේ ‘මාෂ් කුසලාන’ එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. අවසන් වරට ක්‍රීඩා කළ තරගවලදී ඔවුන් දෙදෙනා පිළිවෙලින් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් ප්‍රන්තවලට එරෙහිව කඩුලු 5 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතංලක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන සහ කසුන් රාජිත
ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ගලේන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩෙමොට්, කේන් රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇෂ්ටන් ටර්නර්, ඇන්ඩෘ ටේ, ඬේවිඞ් වෝනර්, ඇඩම් සම්පා සහ ෂෝන් ඇබට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.