Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතාගේ නායකත්වය යටතේ ලබන වසරේදී පාකිස්තානයේ සංචාරය සඳහා කණ්ඩායමක් යවන බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ප්‍රකාශ කරයි. වසර 10 කට පසුව, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට නැවත පැමිණියේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පසුගිය සතියේදී පැවති පළමු ටෙස්ට් තරගයෙනි.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරාධනය පිළිගෙන ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය 2020 පෙබරවාරි මාසයේදී ලාහෝරයට කණ්ඩායමක් යැවීමට එකඟ වී තිබේ. ලාහෝරයේදී තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමටද මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය එකඟ වී තිබේ.
වසර 2009 දී ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට යන ගමනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස් රථයට ත්‍රස්තවාදීන් වෙඩි තැබීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ක්‍රීඩකයෝ සහ නිලධාරීහු කිහිප දෙනෙක් තුවාල ලැබූහ. එදා තුවාල ලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර සිටි කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපතිවරයාය.
සටන්කාමීන්ගේ 2009 ප්‍රහාරයත් සමගින් පාකිස්තාන ක්‍රීඩා ලෝකයෙන් හුදෙකළා වූ අතර පාකිස්තානය සත්කාරකත්වය දැරූ ක්‍රිකට් තරග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්විණි.
“පාකිස්තානය වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීම අතිශයින්ම වැදගත්.... 2009 දී සිදුවූ ඛේදනීය සිදුවීම් වලින් පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශාල වැඩ කොටසක් කර තිබෙනවා.” යැයි සංගක්කාර මහතා පැවසීය.
දශකයක් තිස්සේ පාකිස්තානු ක්‍රිකට් ලෝලීන් තම කණ්ඩායම සිය රටේදී ක්‍රීඩා කරනු දැකීමේ දැඩි ආශාවකින් සිටින බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන විධායක සහ ලේකම් ගයි ලැවෙන්ඩර් මහතා පැවසීය.
“ඇත්ත වශයෙන්ම ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ කරුණු තක්සේරු කිරීමටයි. සංචාරය සිදුවිය හැකි බව සහතික කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම සඳහා අපි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා” යයිද ගයි ලැවෙන්ඩර් මහතා වැඩිදුරටත් පැවසීය.
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මෙම තීරණයත් සමගින් “ලෝකයේ වෙනත් ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට පාකිස්තානය ආරක්ෂිත හා සුරක්ෂිත රටක් බවට තවදුරටත් සාක්ෂි සපයන බව” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් කියා සිටියේය.
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම හා පැවැත්වෙන සියලුම තරඟ ලාහෝර් හි ඇචිසන් විද්‍යාලයේ දී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.