Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය ක්‍රිකට් මහපුටුව සව්රව් ගංගුලිට

ඉන්දීය ක්‍රිකට් මහපුටුව සව්රව් ගංගුලිට

editorial - 2019 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවේ බලවත්ම ආයතනය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතා අද (23 වැනිදා) ඒකමතිකව තේරී පත්විය. ඉන්දියාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන දැවැන්ත ජනප්‍රියතාවය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවේ සියලුම ජාතික ක්‍රීඩා මණ්ඩල අතරින් ධනවත්ම ආයතනය බවට පත්ව තිබේ. 

අනුග්‍රාහකත්ව සහ රූපවාහිනි ගනුදෙණු වලින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල මුදලක් උපයා ගනී. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත්වූ එකම නාමයෝජනාව සව්රව් ගංගුලි මහතාගෙන් විය. මුම්බායිහිදී පැවැති රැස්වීමකදී ඔහුව සභාපතිවරයා ලෙස පත්කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ටිවිටර් පණිවුඩයක් මගින් තහවුරු කළේය.

47 හැවිරිදි ගංගුලි මහතාගේ පත්වීම වසර 2 ක් බල පැවැත්වෙන අතර ඔහුට තනතුරේ වැඩ කටයුතු කිරීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක අධීක්‍ෂණය යටතේය.

වසර 2017 දී එවකට සිටි ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියා වූ අනුරාග් ඨාකූර් සහ ඔහුගේ දෙවැනියා වූ අජේ ෂ්‍රයික් ඉන්දියාවේ ඉහළ උසාවියක තීන්දුවක් මගින් බලයෙන් පහකරන ලදි. ඊට හේතුව වූයේ ලෝධා කමිටුව විසින් නිර්දේශ කරන ලද වෙනස්කම් මාලාවක් ඉන්දීය ක්‍රිකට් ව්‍යවස්ථාවට හඳුන්වා දීමට අපොහොසත් වීමයි. අනුරාග් ඨාකූර් සහ අජේ ෂ්‍රයික් දෙදෙනා ඉවත්කිරීම හැඳින්වෙන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අතීතයෙන් වෙන්කළ රේඛාවක් ලෙසිනි.

හිටපු ඉහළ විනිසුරුවරයකු වන රාජේන්ද්‍ර මාල් ලෝධා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිණුම් අත්හිටුවීමට විනිසුරුවරු තීරණය කිරීමෙන් අනතුරුව ප්‍රධානියා සහ ඔහුගේ දෙවැනියා තනතුරු වලින් පහ කිරීමේ තීරණයද ගැනිණ. එතැන් සිට පාලක මණ්ඩලයේ මෙහෙයවීම් අධීක්‍ෂණය කිරීම සඳහා පත්කළ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අධිකරණය විසින් දූෂණ විරෝධී දෝෂ නිරාකරන නිළධාරීයකු වන විරෝද් රායි මහතා නම් කළේය.

බලය පැවරීම සුමට සහ සතුටුදායක බවද ඔහු පැවසීය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනය මීට වඩා හොඳවිය නොහැකි යැයි රායි මහතා වාර්තා කරුවන්ට පැවසීය.

හේතුව අපේ වඩාත් සාර්ථකම නායකයකු ඔබේ සභාපතිවරයා ලෙස පත්වෙලා තිබෙනවා. අපේ රාජකාරීය වුනේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමයි. ව්‍යවස්ථාවට අනුව අපි ඡන්ද විමසීම කළා.

2013 පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සංස්කරණයේදී එවකට සභාපතිව සිටි නාරායනස්වාමී ශ්‍රීනිවාසන් මහතාගේ බෑණාට දූෂණ සහ තරග පාවාදීම් චෝදනා එල්ලවීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කඩාවැටීම සිදුවිය. එහෙත් ලෝධාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය අකමැතිවීම, වයස් සීමාවන් සහ නිළධාරීන්ගේ කාලසීමාවන් ඇතුළත් කිරීම නිතීමය ප්‍රශ්න ගණනාවකටම හේතුවිය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක නායකයකු ලෙසින් සැලකෙන සව්රව් ගංගුලි මහතා පසුගිය සතියේ නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව එම ප්‍රශ්න විසඳන බවට පොරොන්දු විය.

වමතින් පිත්ත හැසිරවූ ආරම්භක පිතිකරුවකු වූ ගංගුලි 2008 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර ශතක 16 සමගින් ලකුණු 7212 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ මංගල තරගයට ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඞ්ස් පිටියේදී සහභාගි විය. 

නිලධාරී මණ්ඩලය

සභාපති - සව්රව් ගංගුලි මහතා (බෙන්ගාල් ක්‍රිකට් සංගමය)

උපසභාපති - මහිම් වෙර්මා (උත්තරඛාන්ද් ක්‍රිකට් සංගමය)

ප්‍රධාන ලේකම් - ජායි ෂා මහතා (ගුජරාට් ක්‍රිකට් සංගමය)

භාණ්ඩාගාරික - අරුන් සිං ධුමාල් මහතා (හිමාචල් ප්‍රදේශ ක්‍රිකට් සංගමය)

සම ලේකම් - ජයේෂ් ජෝර්ජ් මහතා (කේරල ක්‍රිකට් සංගමය


අදහස් (3)

ඉන්දීය ක්‍රිකට් මහපුටුව සව්රව් ගංගුලිට
  • කිංස්ලි ඒකනායක Thursday, 24 October 2019 04:46 AM

    ලෝකේ කොහේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....

    Reply 0       0

    Manel Friday, 25 October 2019 11:30 AM

    ලංකාවේ ක්‍රීඩා සමාජ සභාපති තෝරනකොට ඡන්දේ දෙන්නේ වාසි බලාගෙන.

    Reply 0       0

    chamara Friday, 25 October 2019 11:33 AM

    ලංකාවේ ක්‍රීඩාවට හොද ක්‍රීඩකයෝ හිටියට පරිපාලනයට සුදුසු අය නෑ. දැක්කනේ අර්ජුනට වෙච්ච දේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.