Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව ලකුණු 32 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඉන්දියාව ලකුණු 32 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2019 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා නැගී එන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමට ඕවර 33.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හර්ෂිතා මාධවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත් වූවාය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ ටී. කන්වර් ලකුණු 26 කට කඩුලු 3 ක්ද, එස්. දිව්‍යදර්ශනී ලකුණු 28 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමේ පිතිකාරිණියන් අසරණ කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා නැගී එන කණ්ඩායම ඕවර 39 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් රැස්කළේය. ඩී. වෛද්‍යා නොදැවී ලකුණු 43 ක්ද, ටී. හසබ්නිස් නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් ඉන්දී කාන්තා නැගී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ඉන්දීය කාන්තා නැගී එන පිල - ඕවර 39 කදී කඩුලු 5 ක් දැවී 171
(ඩී. වෛද්‍යා නොදැවී 43, ටී. හසබ්නිස් නොදැවී 37)

ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 139
(හර්ෂිතා මාධවී 55, ටී. කන්වර් 26/3, එස්. දිව්‍යදර්ශනී 28/3)

-036

 


අදහස් (0)

ඉන්දියාව ලකුණු 32 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.