Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාංචිහිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 202 ක ජයක් ලැබූ ඉන්දීය ක්‍රීඩකයෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට අද (22 වැනිදා) සමත් විය.
තරගාවලියේ ඉනිම් හතරකදී ද්විත්ව ශතකයක් සහ ශතක 2 ක් සමගින් ලකුණු 529 ක් රැස්කළ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා මෙම තරගයේ මෙන්ම සමස්ත තරගාවලියේද වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
තෙවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් එක් ලකුණක් පමණි. අද දිනයේ දෙවැනි ඕවරය ක්‍රියාත්මක කළ ශාබාස් නදීම් එහි පස්වැනි සහ අවසන් පන්දුවලදී පිට පිට කඩුලු 2 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
එහිදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 30 ක් ලබා සිටි තියුනිස් ඩි’බ්‍රයන් දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ලුංගි න්ගිඩි මුහුණදුන් පළමු පන්දුවේදීම නදීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 497
(රෝහිත් ෂර්මා 212, අජින්ක්‍යා රහනේ 115, රවින්ද්‍ර ජදේජා 51, උමේෂ් යාදව් 31, ජෝර්ජ් ලින්ඬේ 133/4, කගිසෝ රබාඩා 85/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 162
(සුබයර් හම්සා 62, ජෝජ් ලින්ඬේ 37, ටෙම්බා බවුමා 32, උමේෂ් යාදව් 40/3, රවින්ද්‍ර ජදේජා 19/2, මොහොමඞ් සාමි 22/2, ශාබාස් නදීම් 22/2)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 133
(ඩීන් එල්ගා 16, ජෝජ් ලින්ඬේ 27, ඬේන් පයිඩට් 23, තියුනිස් ඩි’බ්‍රයන් 30, මොහොමඞ් සාමි 10/3, ශාබාස් නදීම් 18/2, උමේෂ් යාදව් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.