Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් ප්‍ර.වි.නි. ඉවතට

ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් ප්‍ර.වි.නි. ඉවතට

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තලේබාන් රජය විසින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා ඉවත් කරනු ලැබ තිබේ. ඔහු වෙනුවට භයංකාර සංවිධානයක් ලෙසින් පිළිගැනෙන හකානි ජාලයේ සාමාජිකයෙකු පත් කර ඇත. ඇෆ්ඝනිස්තානු  ඉතිහාසයේ දරුණුම ප්‍රහාර කිහිපයකට ඔවුන් වගකිව යුතුය.

තලේබාන් සංවිධානයේ ශාඛාවක් වන හකානි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග මත තමන්ව ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් කළ බව ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හමීඞ් ෂින්වාරි මහතා සිය මුහුණු පොතේ පළකර තිබුණි.

“අනාස් හකානි ක්‍රිකට් මණ්ඩලයට පැමිණ, ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් මගේ රැකියාව අවසන් බව මට ඉතා පැහැදිලිව කිව්වා” යනුවෙන් ෂින්වාරි මහතා සිය මුහුණු පොතේ සටහන් කර ඇත. ෂින්වාරි මහතා විසින් මුහුණු පොතේ තැබූ එම සටහන පසුව නොපෙනුන අතර එම ගිණුමද අක්‍රිය කර තිබේ.

අනාස් හකානි යනු තලේබාන් සංවිධානයේ ඉහළ නිලධාරියෙකු වන අතර ඇෆ්ගනිස්ථානයේ නව අභ්‍යන්තර කටයුතු ඇමති සිරජුදීන් හකානිගේ බාල සොහොයුරාය.

”මම ක්‍රිකට් ආයතනයේ විධායක අංශයට විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් පසුව තේරී පත් වූ නමුත්, මා ඉවත් කිරීමට හේතුව මට තේරුනේ නෑ” යනුවෙන් ෂින්වාරි මහතා පැවසීය.

පසුව ඔහු වෙනුවට හකානි ජාලයේ සමීපතම සගයෙකු වූ නසීබ් ඛාන් ලෙස හැඳින්වෙන නසීබුල්ලා හකානි මහතා පත් කරන ලද බව නම සඳහන් කිරීමට අකමැති ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු මාර්ගයෙන් දැනගන්නට තිබේ.

”ඔහු ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ක්‍රිකට් ගැන ද දැනුමක් ඔහුට ඇත” යනුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩල නිල ෆෙස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

2001 වසරේදී තලේබාන්වරු බලයෙන් පහ කිරීමට පෙර ඔවුන් බොහෝ විනෝදාස්වාද අංග ඇෆ්ඝනිස්තානය තුල තහනම් කළහ. බොහෝ ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩාංගන පොදු ස්ථාන ලෙස භාවිතා කළහ. දැඩි ඉස්ලාම්වාදීන් වන තලේබාන්වරුන් ක්‍රිකට් ගැන තැකීමක් නොකරන නමුත් ක්‍රීඩකයින් ඔවුන්ගේ සටන්කරුවන් අතර ඉතා ජනප්‍රියව ඇත.

පසුගිය පාලනය යටතේ කාන්තාවන්ට ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ අතර මෙවරත් කාන්තාවන් ක්‍රීඩාවට සහභාගි වීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැත.


- 2079

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් ප්‍ර.වි.නි. ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.