Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ආසියානු කුසලානය ඉන්දියාවට

ආසියානු කුසලානය ඉන්දියාවට

editorial - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා නැඟීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. අනුශූරතාව ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායමට හිමිවිය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායම සමත්විය.

ඉන්දීය ඉනිම අවසානයේ වර්ෂාව පතිතවිම හේතුවෙන් තරගය පැය 2 කට ආසන්න කාලයක් පැවැත්වීමට නොහැකිවූ අතර ඩක්වත් ලුවිස් න්‍යයට අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායමට ඕවර 35 කදී ලකුණු 150 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඕවර 34.3 කදී සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 43 ක් වනවිට පිතිකාරිණියන් 5 දෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත්වූහ.

නමුත් ඉන් නොසැලුණු හර්ෂිතා මාධවී සහ ලිහිණි අප්සරා හයවැනි කඩුල්ල සඳහා පන්දු 68 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. හයවැනි කඩුල්ල ලෙස ලිහිණි අප්සරා දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණු අතර නායකත්වයේ බර කරට ගත් හර්ෂිතා මාධවී හත්වැනි කඩුල්ල සඳහා මධුෂිකා මෙත්තානන්ද සමගින් පන්දු 34 කදී තවත් ලකුණු 22 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවාය.

හර්ෂිතා මාධවී පන්දු 66 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළ අතර ලිහිණි අප්සරා පන්දු 39 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් සහ මධුෂිකා මෙත්තානන්ද පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.

පී.කන්වර් ලකුණු 15 කට කඩුලු 4 ක් සහ දේවිකා වෛද්‍යා ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායමට ශූරතාව හිමිකර දීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් රැස්කිරීමට සමත්විය.

මුල් කඩුලු 6 ලකුණු 63 ක් තුල දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත්වුවද ඉන් පසුබට නොවූ ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායමේ පසුපෙළ පිතිකාරිණියන් ලකුණු පුවරුව 175 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

තනුශ්‍රී සර්කාර් පන්දු 76 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළ අතර සිම්රන් බහදූර් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්වූවාය.

සුශ්‍රී බිද්‍යාදර්ෂණි සමගින් හත්වැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 27 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ තනුශ්‍රී සර්කාර් ඉන් නොනැවතී අටවැනි කඩුල්ල සඳහා සිම්රන් බහදූර් සමගින් එක්ව පන්දු 82 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවාය.

කවිෂා දිල්හාරී ලකුණු 27 කට කඩුලු 3 ක් සහ සචිනි නිසංසලා ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායමේ නායිකා දේවිකා වෛද්‍යා දිනා ගන්නාවිට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායමේ නායිකා හර්ෂිතා මාධවී දිනාගැනීමට සමත්වුවාය.

 

ඉන්දීය කාන්තා නැඟීඑන කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 175
(තනුශ්‍රී සර්කාර් 47, සිම්රන් බහදූර් 34, කවිෂා දිල්හාරී 27/3, සචිනි නිසංසලා 26/2)

ශ්‍රී ලංකා කාන්තා නැඟීඑන කණ්ඩායම - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී 135
(හර්ෂිතා මාධවී 39, ලිහිණි අප්සරා 22, මධුෂිකා මෙත්තානන්ද 25, පී.කන්වර් 15/4, දේවිකා වෛද්‍යා 29/4)


අදහස් (2)

ආසියානු කුසලානය ඉන්දියාවට
  • gayani Wednesday, 30 October 2019 10:30 AM

    අපේ කාන්තාවෝ කවදා කුසලානයක් දිනයිද මන්දා?

    Reply 0       0

    Amith Puswella Wednesday, 30 October 2019 10:32 AM

    ඉස්සෙල්ලම කාන්තා කණ්ඩායමට සුදුසු කණ්ඩායමක් ගන්න ඕනේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.