Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසර (2021) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බොහෝ කාර්ය බහුල වසරක් වන අතර එංගලන්තය, බංග්ලාදේශය, අයර්ලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය, ඇෆ්ඝනිස්තානය සහ 15 වන ආසියානු කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරීමට සිදුවනු ඇත. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ එංගලන්තය යන රටවල්හී තරගාවලි 3 ක් සඳහා සංචාරය කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත.
සමස්තයක් ලෙස ගත්කළ ශ්‍රී ලංකාව ලබන වසර තුළ ද්විපාර්ශ්වික තරගාවලි 10 කදී ටෙස්ට් තරග 8 ක්, එක්දින තරග 15 ක් සහ විස්සයි 20 තරග 12 ක් ක්‍රීඩා කරනු ඇත. ඊට අමතරව ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියක් සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකටද ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව ඇත.
2021 දින දර්ශනයට ජුලි-අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි තරගාවලිය සහ ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට නියමිත ටී10 තරගාවලියද ඇතුළත් වේ.
2021 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන
■ ජනවාරී - එංගලන්යට එරෙහිව ටෙස්ට් තරග 2 ක් (ශ්‍රී ලංකාවේදී)
■ පෙබරවාරී සහ මාර්තු - බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් (බටහිර ඉන්දීය කොදෙව්හිදී)
■ මාර්තු සහ අප්‍රේල් - බංග්ලාදේශ පිලට එරෙහිව ටෙස්ට් තරග 3 ක් (ශ්‍රී ලංකාවේදී)
■ මැයි - අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් (ශ්‍රී ලංකාවේදී)
■ මැයි සහ ජුනී - බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 3 ක් (බංග්ලාදේශයේදී)
■ ජුනි - ආසියානු කුසලාන විස්සයි20 තරගාවලිය (ශ්‍රී ලංකාවේදී)
■ ජුනි සහ ජූලී - එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් (එංගලන්තයේදී)
■ ජුලී - ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරග 3 ක් (ශ්‍රී ලංකාවේදී)
■ ජුලී සහ අගෝස්තු - ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය
■ අගෝස්තු සහ සැප්තැම්බර් - දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් (ශ්‍රී ලංකාවේදී)
■ සැප්තැම්බර් සහ ඔක්තෝබර් - ස්කොට්ලන්තයට එරෙහිව විස්සයි20 තරග 3 ක් (ශ්‍රී ලංකාවේදී)
■ ඔක්තෝබර් සහ නොවැම්බර් - අයි.සී.සී ලෝක විස්සයි20 තරගාවලිය (ඉන්දියාවේදී)
■ නොවැම්බර් සහ දෙසැම්බර් - ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3 ක් (ශ්‍රී ලංකාවේදී)
■ දෙසැම්බර් - ටී10 තරගාවලිය (ශ්‍රී ලංකාවේදී)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.