Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නිපුන් ධනංජයට හිමිවී ඇත. උපනායකයා ලෙස කමිල් මිශාර නම්කර ඇත.
සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 5 කදී තරගාවලිය පැවැත්වෙන අතර කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 8 ක් තරගාවලියට සහභාගි වෙති.
‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ කුවේට් රාජ්‍යය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ නේපාලය තරග වදිති.
මුලීක වටයේදී එක් කණ්ඩායමක් ඒ ඒ කාණ්ඩායන්හි ප්‍රතිවාදී කණ්ඩායම් 3 සමගින් තරග වැදිය යුතු අතර ඒ ඒ කාණ්ඩායන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
පළමු අවසන් පූර්ව තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත් දෙවැනි අවසන් පූර්ව තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීත් සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වේ. අවසන් මහ තරගය සැප්තැම්බර් 14 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර (උපනායක), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, අවිශ්ක තරිඳු , රශාන්ත ද සිල්වා, අභිෂේක් කහතුඩුවආරච්චී, රොහාන් සංජය, අෂීන් ඩැනියල්, සඳුන් මෙන්ඩිස්, කවිඳු නදීෂාන්, යසිරු රුද්‍රිගු, දිල්ෂාන් මදුශංක, චමිඳු විජේසිංහ, අම්ෂි ද සිල්වා
අතිරේක ක්‍රීඩකයෝ
චමිඳු වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, දිලුම් සුධීර, චිහාන් කළිඳු
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.