Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 3 කට 155 යි

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 3 කට 155 යි

editorial - 2019 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ බරිසාල් නුවරදී පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියේය.

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සොනාල් දිනූෂ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක්ද, නායක නිපුන් ධනංජය හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. හෙට (29 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස තවීෂ කහතුඩුවාරච්චි එක් ලකුණකට දවාගැනීමට අසදුල්ලා ගලීබ් සමත් විය. කෙසේ වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අහන් වික්‍රමසිංහ (45) සහ රවිඳු රෂාන්ත (21) ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම යම් ස්ථාවර තත්වයකට රැගෙන ආහ.

අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී අසදුල්ලා ගලීබ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ප්‍රීතම් කුමාර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 51 කට මුහුණදී සිටි අහන්ගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ. තරමක් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ රවිඳු රෂාන්ත ලකුණු රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
 
තරගයේ පළමු සහ දෙවැනි දිනයන් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර තෙවැනි දිනය වූ අද දිනයේද ක්‍රීඩා කළ හැකි වූයේ ඕවර 36 ක් පමණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


ශ්‍රී ලංකා 19 න් පහළ පිල - ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී 155
(අහන් වික්‍රමසිංහ 45, රවිඳු රෂාන්ත 21, සොනාල් දිනූෂ නොදැවී 46, නිපුන් ධනංජය නොදැවී 18, අසදුල්ලා ගලීබ් 29/2)


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 3 කට 155 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.