Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයකදී බංග්ලාදේශ කාන්තා නැගී එන කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම ඕවර 33.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ හර්ෂිතා මාධවී ලකුණු 53 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.
නහිඩා අක්තර් ලකුණු 41 කට කඩුලු 3 ක්ද, ෆාතිමා කාතූන් ලකුණු 30 කට කඩුලු 2 ක්ද දවාගත් නමුත්, ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කීරීමට ඔවුන්ට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා නැගී එන කණ්ඩායමට ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ සොභනා මොස්තාරි ලකුණු 29 රැස්කළාය.
කවීෂා දිල්හාරි ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර උමේෂා තිමේෂානි සහ සත්‍යා සංදීපනී කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කාන්තා නැගී එන කණ්ඩායමේ පිතිකාරිණියන් අසරණ කිරීම සඳහා කවීෂාට අනගි සහායක් දුන්හ.
බංග්ලාදේශ කාන්තා නැගී එන පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 127
(සොභනා මොස්තාරි 29, ෆාතිමා කාතූන් 21, කවීෂා දිල්හාරි 18/3, උමේෂා තිමේෂානි 14/2, සත්‍යා සංදීපනී 35/2)
ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල - ඕවර 33.4 කදී කඩුලු 6 ක් දැවී 128
(හර්ෂිතා මාධවී 53, නහිඩා අක්තර් 41/3, ෆාතිමා කාතූන් 30/2)
-036
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.