Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර කුල්නාහිදී පැවැති පළමු නිලනොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (30 වැනිදා) අවසන් විය. වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට කළින් අවසන් කිරීමට සිදුවීම නිසා අද දිනයට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට නොහැකිවිය.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැඟී එන පිල වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. සයිෆ් හසන් නොදැවී ලකුණු 40 ක් සහ සකීර් හසන් නොදැවී ලකුණු 25 ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටියහ.
නිශාන් පිරීස්ට කඩුලු 3 ක් සහ අසිත ප්‍රනාන්දුට කඩුල්ල බැගින් බෙදී ගියහ.
තෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට, අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 54 ක් පමණි.
ඊයේ තරගය නතර කරනවිට ලකුණු 57 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අෂේන් බණ්ඩාර අද ලකුණු 85 කට දැවී ගියේය. නිශාන් පිරීස්ගේ පිත්තෙන් ලකුණු 15 ක් ශ්‍රී ලංකා ඉනිමට එක්විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ නයීම් හසන් ලකුණු 93 කට කඩුලු 7 ක් දවාගනිමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත්විය. ශෆිකුල් ඉස්ලාම් කඩුලු 2 ක් දවාගත්තේය.
දෙරට නැඟී එන කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන මස 3 වැනිදා ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
බංග්ලාදේශ නැඟී එන පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 360
ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
(ප්‍රමෝද් මධුවන්ත 40, අෂේන් බණ්ඩාර 85, නයීම් හසන් 93/7, ශෆිකුල් ඉස්ලාම් 59/2)
බංග්ලාදේශ නැඟී එන පිලේ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 102
(සයිෆ් හසන් නොදැවී 40, නජ්මුල් හුසේන් 25, සකීර් හසන් නොදැවී 25, නිශාන් පිරීස් 43/3)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.