Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ පැවැත්වීමට නියමිත “හන්ඩ්රඞ්” ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලංසුවක් (පවුම් 125.000) නියමවූ විදේශ ක්‍රිඩකයින් 6 දෙනා අතරට එක්වී සිටි ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ක්‍රිඩක වෙන්දේසියේදී ලබාගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත්වී නැත. මෙම තරගාවලියේදී වැඩිම ලංසු මුදලක් නියමවූ විදේශීය ක්‍රීිඩකයින් අතර සිටි කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාටද “හන්ඩ්රඞ්” ක්‍රිකට් තරගාවලියේ ස්ථානයක් වෙන්කර ගැනීමට නොහැකි වී තිබේ.
ඊට අමතරව විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන බාබර් අසාම් මෙන්ම කරන් පොලාඞ්, ඞ්වේන් බ්රාවෝ, ක්වින්ටන් ඩි‘කොක් සහ ටමීම් ඉක්බාල් යන ක්‍රීඩකයින්ටද “හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ස්ථානයක් හිමිවී නැත. වැඩිම ලංසු මුදලක් නියමවූ විදේශ ක්‍රිඩකයින් අතර සිටි ඕස්ටේ්රලියාවේ ඬේවිඞ් වෝනර් සදර්න් බ්‍රේව් කණ්ඩායමත්, මිචෙල් ස්ටාක් සහ ස්ටීවන් ස්මිත් වෙල්ෂ් ෆයර් කණ්ඩායමත් විසින් ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගන්නා ලදි.
ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම ලංසුවක් (පවුම් 125.000) නියමවූ විදේශ ක්‍රිඩකයින් ලෙස රෂීඞ් ඛාන් සහ ඩි‘ආසී ශෝර්ට් ටේරන්ට් රොකට්ස් කණ්ඩායමටත්, ඔන්ඩ්‍රි රසල් සදර්න් බ්‍රේව්ස් කණ්ඩායමටත්, ඒරන් ෆින්ච් සහ මුජීබ් උර් රහ්මාන් නොදන් සුපර්චාර්ජර්ස් කණ්ඩායමටත්, සුනින් නරේන් ඕවල් ඉන්විසිබල්ස් කණ්ඩායමටත්, ඉම්රාන් තහීර් මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමටත්, ග්ලෙන් මැක්ස්වෙල් ලන්ඩන් ස්පිරිට්ස් කණ්ඩායමටත් තේරී පත්වී සිටිති.
ක්‍රීඩක වෙන්දේසිය පවුම් 125000, 100000, 75000, 60000, 50000, 40000 සහ 30000 වශයෙන් කාණ්ඩ 7 ක් යටතේ සිදුවූ අතර එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර ඊට විදෙස් ක්‍රිඩකයින් තිදෙනෙකුද ඇතුළත් වේ.
මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 570 දෙනෙකු ලියාපදිංචි කර තිබූ අතර ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයෝ වූහ. 331 දෙනෙක් එංගලන්ත ක්‍රීඩකයෝ වූහ. විදෙස් ක්‍රීඩකයින් 239 දෙනාගෙන් 24 දෙනෙකුද, දේශීය ක්‍රීඩකයින් 331 ක් අතරින් 96 දෙනෙකුද කණ්ඩායම් 8 සඳහා වෙන්දේසී වී තිබේ. මාලිංගට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකු “හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලිය සඳහා ලියාපදිංචිවී සිටියද ක්‍රීඩක වෙන්දේසියේදී ඔවුන් කිසිවකු වෙන්දේසී නොවූහ.
සීමිත ඕවර ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් මුහුණදෙන පන්දු සංඛ්‍යාව 100 කි. මෙහිදී ඕවර 20 තරගවලදී පැවැත්වෙන නිතී ක්‍රියාත්මක වන අතර පළමු ඕවර 15 දී එක් ඕවරයකට පන්දු 6 ක් ඇතුළත් වන අතර අවසන් ඕවරයේදී පන්දු 10 ක් යැවිය යුතුය.
මෙම තරගාවලිය 2020 ජූලි 17 වැනිදා සිට අගෝස්තු 16 දක්වා පැවැත්වීමට තරග සංවිධායකයින් කටයුතු යොදා ඇත.
“හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායම නියෝජනය කරමින් එහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි.
...
චාමර Friday, 25 October 2019 10:16 AM
අයියෝ සල්ලි...
Reply 0 0
ගයාන් Friday, 25 October 2019 11:24 AM
ඔය යන විදියට මාලිංගට ලබන අවුරුද්දේ අයි.පී.එල් එකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.