Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශාන් මසූද් (135) සහ අබීඞ් අලී (174) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 278 ක වාර්තාගත සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 දැවී ලකුණු 395 ක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
තෙවැනි දිනය වූ අද (21 වැනිදා) තරගය නතර කරන විට නායක අසාර් අලී ලකුණු 57 ක්ද, බාබර් අසාම් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ අනුව පාකිස්තානය තවත් කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 315 ක් ඉදිරියෙන් සිටියේය. අසාර්ගේ 31 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
තෙවැනි දිනය ආරම්භ වන විට කිසිවකු නොදැවී ලකුණු 57 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 338 ක් එක්කරගෙන සිටියේය. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 278 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට ශාන් මසූද් (135) සහ අබීඞ් අලී (174) සමත් වූහ.
සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අබීඞ් අලී එහිදී දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගිනි. ශාන් මසූද්ද අද දිනයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර එය හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.
ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ඕෂධ ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් මසූද් දැවී යෑමත් සමග පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි නායක අසාර් අලී සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අබීඞ් අලී සමත් විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.