Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

editorial - 2020 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 

 
පාකිස්තානයට එරෙහිව මවුන්ට් මංගනුයිහිදී පැවැති පළමු‍ ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 101 ක ජයක් වාර්තා කළ නවසීලන්තය, දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගායවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඊයේ (30 වැනිදා) සමත් විය‍.

ජයග්‍රහණය සඳහා ලකුණු 373 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 271 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ටිම් සවුති, කයිලි ජෙමීසන්, මිචෙල් සෑන්ට්නර්, නීල් වැග්නර් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. නීල් වැග්නර් අද දිනය පුරාම පන්දු යැවූයේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වේදනා නාශක එන්නත් කරගනිමිනි.

සිවුවැනි දිනය වූ පෙරේදා (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 200 ක් පමණි. එහිදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ෆාවඩ් අලාම් සමත් විය. ලකුණු 75 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී මොහොමඩ් රිස්වාන් (60) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 165 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද අලාම් සමත් විය.

ශතකය ලබාගැනීම සඳහා පන්දු 269 කට මුහුණදුන් අලාම්, එය හතරේ පහර 14 කින් සැරසුවේය. රිස්වාන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය. මෙම පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව හේතුවෙන් තරගය අවසන් දිනයේ අවසන් හෝරාව දක්වාම ඇදි ගිය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ අවස්ථාවද පාකිස්තානුවන්ට තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව ලකුණු 31 ක් ඇතුළත අවසන් කඩුලු 6 ම දවාගත් නවසීලන්ත පන්දු යවන්නෝ තම පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ ජූලි මස කොළඹදී පැවැති ටෙස්ට් තරගයකදී නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අලාම්, එම තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකයද (168) වාර්තා කළේය. කෙසේ වුවත් 2009 වසරෙන් පසුව නැවත ඔහුට ටෙස්ට් තරගයක් සඳහා පාකිස්තාන කණ්ඩායමේ දොරටු විවර වූයේ 2020 වසරේදීය. ඒ අනුව සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගැනීම සඳහා ඔහුට වසර 11 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවිය. එම කාලය තුළ ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6 කට පමණි.
 
නවසීලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 431
(කේන් විලියම්සන් 129, රොස් ටේලර් 70, හෙන්රි න‍ිකෝල්ස් 56, බී.ජේ.‍වොට්ලින් 73, මිචෙල් සෑන්ට්නර් 19, කයිල් ජෙමීසන් 32, නීග් වැග්නර් 19, ශහීන් අෆ්රිඩි 109/4, යසීර් ෂා 113/3)

පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 239
(අබීඩ් අලී 25, මොහොමඩ් රිස්වාන් 71, ෆාහීම් අෂ්රෆ් 91, කයිල් ජැමීසන් 35/3, නීල් වැග්නර් 50/2, ටිම් සවුති 69/2, ට්‍රෙන්ට්‍බෝල්ට් 71/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 180
(ටොම් ලේතම් 53, ටෙ‍ාම් බ්ලන්ඩල් 64, කේන් විලියම්සන් 21, නසීම් ෂා 55/3)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 271
(අසාර් අලී නොදැවී 34, ෆාවඩ් අලාම් 102, මොහොමඩ් රිස්වාන් 60, ෆාහීම් අෂ්රෆ් 19, ටිම් සවුති 33/2, කයිලි ජැමීසන් 35/2, මිචෙල් සෑන්ට්නර් 52/2, නීල් වැග්නර් 55/2, ට්‍රෙන්ට් බෝල්ට් 72/2)

-036

අදහස් (0)

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.