Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නැගී එන පිල ලකුණු 170 ක් පසුපසින්

නැගී එන පිල ලකුණු 170 ක් පසුපසින්

editorial - 2019 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කුල්නාහිදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි වූ අද (29 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියේය. හෙට (30 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

දෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 89 ක් එක්කර ගත්තේය. වර්ෂාව හේතුවෙන් අද තරගය ඕවර 49 කට සීමා විය.

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 4 ක් ඇතැතිව බංග්ලාදේශ නැගී එන කණ්ඩායම තවත් ලකුණු 170 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට අෂේන් බණ්ඩාර හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 57 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි චාමික කරුණාරත්න ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2 ක් අහිමි වූ අතර එහිදී ප්‍රමෝද් මධුවන්ත ලකුණු 40 කට දවාගැනීමට ටන්වීර් ඉස්ලාම් සමත් විය. රමේෂ් මෙන්ඩිස් ලකුණු 18 කට දැවී ගියේ ශෆියුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ සයිෆ් හසන් අතට උඩ පන්දුවක් දෙමිනි.
 
බංග්ලාදේශ නැගී එන පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 360
(සයිෆ් හසන් 18, නජ්මුල් හොසේන් 133, අෆීෆ් හොසේන් 54, සාකිර් හසන් 49, නයීම් හසන් 36, තන්වීර් ඉස්ලාම් නොදැවී 16, රමේෂ් මෙන්ඩිස් 73/4, කළණ පෙරේරා 62/2, අසිත ප්‍රනාන්දු 74/2)
 

ශ්‍රී ලංකා නැගී එන පිලේ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 190
(පැතුම් නිස්සංක 16, චරිත් අසලංක 18, ප්‍රමෝද් මධුවන්ත 40, අෂේන් බණ්ඩාර නොදැවී 57, රමේෂ් මෙන්ඩිස් 18, නයීම් හසන් 64/4)

-036

 


අදහස් (0)

නැගී එන පිල ලකුණු 170 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.