Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

editorial - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ නැවත වරක් අසරණවූ සංචාරක ශ්‍රී ලංකා පිලට ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 211 ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ තරගයේ  දින දෙකක් ඉතිරිව තිබියදීම කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සමත් වූහ.

ආරම්භක පිතිකරුවන්වූ ඒඞ්න් මාක්රම් ලකුණු 36 ක් සහ ඩීන් එල්ගා ලකුණු 31 ක් රැස්කරමින් කඩුල්ලක් ලබානොදෙමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගාවලිය 2-0 ක් ලෙස ජයගත් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 120 ක් හිමිවිය.

දෙවැනි දිනය වූ සඳුදා (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 150 ක් රැස්කර ගෙන සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 6 ලකුණු 61 ක් තුල දවාගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත්වූහ. දෙවැනි දිනයේ තරගය නතර කරනවිට ලකුණු 91 ක් රැස්කරමින් ශතකය අභියස සිටි නායක දිමුත් කරුණාරත්න ඊයේ උදෑසන ශතකය සම්පූර්ණ කිරීමට සමත්වුවද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.

දිමුත් කරුණාරත්න හතරේ පහර 19 ක් සමගින් ලකුණු 103 ක් රැස්කර සිටියදී ඇන්රිච් නෝයේගේ පන්දුවක් හමුවේ ස්ක්වෙයාර් ලෙග් කලාපයේ පන්දු රකින් සිටි වියාන් මල්ඩර් අතට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්ව ගියේය. දිමුත් සමගින් අනෙත් අන්තයේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ලට ඊයේ දිනයේදී සිය ඉනිමට එකතු කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 18 ක් පමණි. ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ මිඞ්ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි ටෙම්බා බවුමා අතට උඩපන්දුවක් දෙමින් දික්වැල්ල දැවීයන විට ඔහු රැස්කර සිටියේ ලකුණු 36 ක් පමණි.

නිත්‍ය දඟපන්දු යවන්නෙක් කණ්ඩායම තුල සිටියද වේගපන්දු යවන්නන් සිවුදෙනෙකුගෙන් පමණක් වැඩ ගැනීමට දකුණු අප්‍රිකානු නායකයා සමත්විය.

ලුන්ගි න්ගිඩි කඩුලු 4 ක්, ලුතෝ සිපම්ලා කඩුලු 3 ක්, ඇන්රිච් නෝයේ කඩුලු 2 ක් සහ වියාන් මල්ඩර් කඩුල්ලක් ලෙස කඩුලු 10 ඔවුන් අතර බෙදී ගියේය.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ඩීන් එල්ගා තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දෙකම දිනා ගැනීමට සමත්විය.


ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම - 157
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 302
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ.මල්ඩර් ප.නෝයේ    103    
කුසල් පෙරේරා - ප.න්ගිඩි    1
ළහිරු තිරිමාන්න - ඇ.ඩි‘කොක් ප.න්ගිඩි    31
කුසල් මෙන්ඩිස් - ඇ.ඩි‘කොක් ප.න්ගිඩි    0
මිනෝද් භානුක - ඇ.මහරාජ් ප.නෝයේ    1
නිරෝෂන් දික්වැල්ල - ඇ.බවුමා ප.න්ගිඩි    36
දසුන් ශානක - ඇ.සිපම්ලා ප.මල්ඩර්    8
වනිඳු හසරංග - ප.සිපම්ලා    16
දුෂ්මන්ත චමීර - ඇ.ඩි‘කොක් ප.සිපම්ලා    0
විශ්ව ප්‍රනාන්දු - නොදැවී    1
අසිත ප්‍රනාන්දු - ප.සිපම්ලා    0
අතිරේක     14
ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු     211

කඩුලු වැටීමඃ
1-1 (පෙරේරා), 2-86 (තිරිමාන්න), 3-92 (මෙන්ඩිස්), 4-109 (භානුක), 5-176 (කරුණාරත්න), 6-181 (දික්වැල්ල), 7-190 (ශානක), 8-209 (හසරංග), 9-210 (චමීර), 10-211 (අසිත)

පන්දු යැවීමඃ
ලුන්ගි න්ගිඩිඃ 15-5-44-4, ඇන්රිච් නෝයේඃ 19-2-64-2, වියාන් මල්ඩර්ඃ 13--3-52-1, ලුතෝ සිපම්ලාඃ 9.5-1-40-3


දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම

ඒඞ්න් මාක්රම් - නොදැවී    36
ඩීන් එල්ගා - නොදැවී    31
අතිරේක     0
ඕවර 13.2 කදී කිසිවෙකු නොදැවී ලකුණු     67

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝඃ
රාසී වැන්ඩර් ඩසන්, ෆෆ් ඩු ප්ලෙසීස්, කුයින්ටන් ඩි’කොක්, ටෙම්බා බවුමා, වියාන් මල්ඩර්, කේෂව් මහරාජ්,
ඇන්රිච් නෝයේ, ලුතෝ සිපම්ලා, ලුන්ගි න්ගිඩි.

පන්දු යැවීමඃ
විශ්ව ප්‍රනාන්දුඃ 4-0-23-0, අසිත ප්‍රනාන්දුඃ 4-1-20-0, වනිඳු හසරංගඃ 2.2-0-16-0, දසුන් ශානකඃ 3-1-8-0

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා -  ඩීන් එල්ගා (දකුණු අප්‍රිකාව)

- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.