Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලි - ස්මිත් දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

කෝලි - ස්මිත් දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

editorial - 2020 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විරාට් කෝලි දශකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ. දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද ඔහු දිනා ගත්තේය. දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඕස්ටේ්‍රලියානු පිතිකරු ස්ටීවන් ස්මිත්ට හිමිවිය. සම්මාන කාලසීමාවට අදාල සමයේදී ලකුණු 7040 ක් රැස් කර ඇති ස්මිත්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 65.79 කි. ඔහු ශතක 26 ක් සහ අර්ධ ශතක 26 ක් ලබාගෙන ඇත.

දශකයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ක්‍රීඩක සම්මාන පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි. 

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආත්මීය කැපවීමක් කළ දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගැනීමට හිටපු ඉන්දීය නායක එම්.එස්.දෝනි සමත්විය.

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් දශකයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කිරීමට අයි.සී.සී තීරණය කළේය. රෂීඞ් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉහළ දස්කම් පෙන්වා ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති බොහෝ තරඟාවලියන්හිදී දක්ෂතා අතර ඔහුගේ නම ඉහළින්ම සටහන්වී ඇත.

සම්මානය සඳහා ෂලකා බැලුණු කාල පරාසයේදී රෂීඞ් ඛාන් කඩුලු 89 ක් ලබා ගෙන ඇති අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 12.62 කි. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වන අතර, ලීග් තරගාවලියන්හිදී ඔහුගේ දක්ෂතා පරීක්‍ෂා කළහොත් එම සංඛ්‍යා වඩාත් ආකර්ෂණීය අගයක් ගනී.

පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටවල දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ස්කොට්ලන්තයේ කයිල් කූට්සර් සම්මාන හිමිකරගත්තේය.

ඕස්ටේ්‍රලියාවේ එලීසා පේරී දශකයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව, දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ දශකයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ත්‍රිත්වයම දිනා ගැනීමට සමත්වූ අතර පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටවල දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්තයේ කැත්රින් බෲස් සම්මාන දිනා ගත්තාය.

-2079
 
 

 


අදහස් (0)

කෝලි - ස්මිත් දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.