Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ නමවැනි තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 293 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 248 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලුවිස් ගොල්ඞ්ස්වර්ති සහ ලූක් හෝල්මන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
ආරම්භක පිතිකරුවන් වූ නවෝත් පරණවිතාන (73) සහ කමිල් මිෂාර (40) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 75 කදී වාර්තා වූ පරණවිතානගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 49 කදී වාර්තා වූ මිෂාරගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ඩෑන් මූස්ලිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වෙමින් මිෂාර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි අහන් වික්‍රමසිංහ (0), නිපුන් ධනංජය (2) සහ චමෝද් වික්‍රමසිංහ (1) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයෑම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
එහිදී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් රවිඳු රෂාන්ත පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි සොනාල් දිනූෂ පන්දු 64 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළේය. කෙසේ වුවත් ඔවුන් කිසිවකුට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 292 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ජෝඩාන් කොක්ස් (නොදැවී 105) ශතකයක් ලබාගැනීමට සමත් විය. ජෝයි එවිසන් (නොදැවී 50) සමග එක්ව එංගලන්ත යොවුන් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 108 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජෝඩාන් සමත් විය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 18 කට පමණක් මුහුණදුන් එවිසන් එහිදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත්තේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. සෑම් යංන්ග් පන්දු 57 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, ජැක් හේන්ස් පන්දු 67 කදී හතරේ පහරක් සමග ලකුණු 39 ක්ද, ලූක් හෝල්මන් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග 24 ක්ද රැස්කරමින් එංගලන්ත යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එංගලන්ත යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 292
(සෑම් යංන්ග් 33, ටොම් ක්ලාක් 22, ජෝඩාන් කොක්ස් නොදැවී 105, ජැක් හේන්ස් 39, ලූක් හෝල්මන් 24, ජෝයි එවිසන් නොදැවී 50)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 248
(නවෝද් පරණවිතාන 73, කමිල් මිෂාර 40, රවිඳු රෂාන්ත 52, සොනාල් දිනූෂ නොදැවී 51, ලුවිස් ගොල්ඞ්ස්වර්ති 37/2, ලූක් හෝල්මන් 50/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.