Last Update  :  2025-11-08 15:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් පෙරමුණ ගනිති

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් පෙරමුණ ගනිති

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර කුවීන්ස්ලන්ඩ් නුවර කැරාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 48 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට වොෂින්ටන් සුන්දර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 119 ක් පමණි. එහිදී සුන්දර් ලකුණු 3 කට කඩුලු 3 ක් දවාගත් අතර අක්සර් පටේල් සහ ශිවම් ඩූබේ කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මිචෙල් මාෂ් පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය. ඔහු සමග ඉනිම ආරම්භ කළ මැතිව් ෂෝට් පන්දු 19 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. කෙසේ වුවත් අවසන් කඩුලු 5 ම ලකුණු 21 ක් තුළ දැවී යෑම ඕස්ට්‍රේලියාවට විශාල පාඩුවක් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් ලබාගත් අතර ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් අභිෂේක් ශර්මා (28) සහ ශුබ්මන් ගිල් (46) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 21 කදී වාර්තා වූ අභිෂේක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද, පන්දු 39 කදී වාර්තා වූ ගිල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද ඇතුළත් විය. 

 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 167 
(අභිෂේක් ශර්මා 28, ශුබ්මන් ගිල් 46, ශිවම් ඩූබේ 22, සූර්යකුමාර් යාදව් 20, අක්සර් පටේල් නොදැවී 21, නේදන් එලයිස් 21/3, ඇඩම් සම්පා 45/3) 

ඕස්ට්‍රේලියාව - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 119 
(මිචෙල් මාෂ් 30, මැතිව් ෂෝට් 25, ටිම් ඩේවිඩ් 14, මාකස් ස්ටොයිනිස් 17, වොෂින්ටන් සුන්දර් 03/3, අක්සර් පටේල් 20/2, ශිවම් ඩූබේ 20/2) 

-036 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.