Last Update  :  2026-02-02 00:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය යෞවනයෝ අවසන් පූර්ව වටයට

ඉන්දීය යෞවනයෝ අවසන් පූර්ව වටයට

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේහිදී සහ නැමීබියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අද (1 වැනිදා) පැවැති සුපිරි 6 දෙනාගේ වටයේ තරගයකදී පාකිස්ථාන යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන යොවුන් කණ්ඩායමට ඕවර 46.2 ක් අවසානයේ ඉන්දීය යොවුන් පන්දු යවනන්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. එහිදී නායක අයුෂ් මහත්‍රී සහ ඛිලාන් පටේල් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පාකිස්ථාන යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

පාකිස්ථාන යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ උස්මාන් ඛාන් පන්දු 92 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු හම්සා සහූර් පන්දු 49 කින් ලකුණු 42 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. නායක ෆර්හාන් යූසෆ්ද පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යෞවනයෝ ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 252 ක් ලබාගත්හ. එහිදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ වේදන්ත් ත්‍රිවේදි පන්දු 98 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. පන්දු 29 කදී වාර්තා වූ කනිෂ්ක් චෞහාන්ගේ (35) ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 


ඉන්දීය යොවුන් පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 252 
(ඒරන් ජෝජ් 16, වයිබව් සූර්යව්නෂි 30, වේදන්ත් ත්‍රිවේදි 68, විහාන් මල්හෝත්‍රා 21, අභිගයන් කුන්ඩු 16, ආර්.එස්. අම්බි්‍රෂ් 29, කනිෂ්ක් වෞහාන් 35, ඛිලාන් පටේල් 21, අබ්දුල් හුසේන් 33/3, මොහොමඩ් සයාම් 69/2) 

පාකිස්ථාන යොවුන් පිල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 194
(හම්සා සහූර් 42, උස්මාන් ඛාන් 66, ෆර්හාන් යූසෆ් 38, අයුෂ් මහත්‍රී 21/3, ඛිලාන් පටේල් 35/3) 

-036 


අදහස් (0)

ඉන්දීය යෞවනයෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.