Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට එක්වීමට පෙර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගි වීමට නියමිතව සිටියද, ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට කළ හැකි දේ සම්බන්ධයෙන්, දසුන් ශානකගේ ශ්‍රී ලංකා කණ්ඩායම මනා විශ්වාසයකින් සිටී.
ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයේදී, කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි ඇෆ්ඝනිස්ථානය හමුවේ ඛේදජනක පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු තරගාවලිය නිමා කළේ කුසලානයේ හිමිකරුවන් වෙමිනි.
මේ වසරේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනාගත්තේ කලාපයේ කෙරුම්කාරයන් වන ඉන්දියාව මෙන්ම පාකිස්තානයද පසෙකට ඇද දමමිනි.
මාස ගණනක් තිස්සේ ආහාර මිල ඉහළ යාමෙන් සහ හා ඉන්ධන හිඟයෙන් ඇති කළ ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයෝ, ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා කිසියම් සතුටක් අත්වින්ඳාහ. ආසියානු කුසලාන දිනා සියරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමකට හිමිවන තරමේ පිළිගැනීමකි.
“ඇත්ත තත්ත්වය නම් හැමෝම අප පිටුපස සිටීමයි. ශ්‍රී ලාංකීය ජාතියම අප පිටුපසින් ඉන්නවා. අපිත් උත්සාහ කරන්නේ සෑම කෙනෙකුගේම මුහුණුවලට සිනහවක් ගෙන ඒමටයි. මේ තත්ත්වය මටනම් ඉතාමත් සුබදායකයි” යයි පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසයි.
“මේක අපට ශක්තියක් ලෙස භාවිතා කළ හැකි දෙයක්. අපි දැනටමත් ක්‍රීඩකයන්ගේ කාමරයේදී මේ තත්ත්වය ශක්තිය ලෙස භාවිතා කරලා තියෙනවා” යයි සිල්වර්වුඩ් මහතා වැඩිදුරටත් කීවේය.
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලාංකිකයෝ බොහෝ ඉදිරියෙන් සිටි කණ්ඩායමකි.
විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ කළ 2009 වසරේ සිටම, වසර හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම එහි මුදුන් හිණිපෙත්තේම සිටියේය. වසර 2009 ලෝක කුසලාන තරගාවලියේදී (එංගලන්තය) සහ 2012 ලෝක කුසලාන තරගාවලියේදී (ශ්‍රී ලංකාව) ශ්‍රී ලංකා කණ්ඩායම් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 2014 දී බංග්ලාදේශයේදී පැවති තරගාවලියේදී ශ්‍රී ලාංකිකයෝ විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්හ.
එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුවේ නරක දසාවකි. 2016 ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා පිලට, එතැනින් පසුව හිස එසවීම තරමක් අපහසු වූයේය. විශේෂයෙන්ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පහළට වැටීම හේතුවෙන් ප්‍රධාන තරගාවලියට පෙර සුදුසුකම් තේරීමේ තරගාවලියකට මුහුණ දෙන්නටත් සිදුවිය.
පසුගිය වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් තේරීමේ තරග වටයකට මුහුණ දුන් නමුත් පහසුවෙන්ම එම කඩුල්ල පැනගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් ප්‍රධාන තරගාවලියේදී තරග 5 කින් 3 ක් පරාජය වීම හේතුවෙන් එතැනින් ඔබ්බට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.
කෙසේ වෙතත් කඩුලු 16 ක් දවාගනිමින්, 2021 තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වූ වනිඳු හසරංග මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වී සිටී.
නායක දසුන් ශානක පවසන පරිදි, පෙරහුරු තරග දෙකත්, සුදුසුකම් තේරීමේ වටයේ තරග 3 ත් තම කණ්ඩායමට අතිරේක වාසියකි.
“සුපිරි කණ්ඩායම් 12 තරගාවලියට යන්න ඉස්සෙල්ලා, අපිට මෙහේ තත්ත්වයට හුරුවෙන්න ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම තණතීරු සම්බන්ධයෙන් වැටහීමක් ලබාගන්නත් ප්‍රයෝජනවත්” යයි දසුන් ශානක කියයි.
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී සුදුසුකම් තේරීමේ කඩයිම් තරගාවලියකට සහභාගි වන්නේ පිට පිටම දෙවැනි වතාවටයි. මේ වසරේදී නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය හමුවේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුවෙයි.
“ඕස්ටේ්‍රලියාවේ ක්‍රීඩාංගණ විශාලයි. ඒවායේ තරග කරන්න අපි ඉගෙනගන්න ඕනේ. ගහන පාර, ඒ ක්‍රීඩාංගණවල හතරේ සීමාවෙන් එළියටම යන්න අපි ගහන්න ඕනේ. අනෙක, පන්දුව කපා හරිනවා නම්, ඒකට සුදුසුම කෝණය තෝරා ගන්නත් ඕනේ” යයි ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කියයි.
ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව නොසිටි වේගපන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර දෙදෙනා, ආබාධවලින් මිදී නැවතත් කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම ශක්තිම් කිරීමකි. ඩිල්ෂාන් මධුශංක සහ ප්‍රමෝද් මධුශාන් ඉහළ බලාපොරොත්තු තැබිය හැකි නවක වේග පන්දු යවන්නෝ දෙදෙනෙකි.
“මේ වගේ පන්දු යවන්නන් එක්ක අපි ‘යෝකර්’ පන්දු යැවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඕස්ටේ්‍රලියාවේ තණතීරු වලදී අපට සාර්ථක විය හැකි බවට විශ්වාසයක් තියෙනවා. මොකද අපේ සැලසුම් වලට පිටුබලය දීමට තරම් අවශ්‍ය කුසලතා අපේ කණ්ඩායමට තියෙනවා” යයිද පුහුණුකරු සිල්වර්වුඩ් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්‍ෂතම පිතිකරුවා කුසල් මෙන්ඩිස් යයි කීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක දෙදෙනාත්, නායක දසුන් ශානක මෙන්ම භානුක රාජපක්ෂ ද ඕනෑම ආකාරයේ පන්දු යැවීමක් මෙල්ලකළ හැකි පිතිකරුවෝ වෙති.
වනිඳු හසරංග, දඟ පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු ගොන්නම උරහිස මත දරාගෙන යයි. ඔහුට සහාය වීම සඳහා මහේෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ දෙදෙනාම සිටින නමුත් එක තරගයකදී දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථාව ඉතාමත් සීමිතය.
ජනිත මදුශංක Thursday, 13 October 2022 10:03 AM
මෙන්ඩිස් හා පැතුම් ආරම්භ කළයුතු අතර.. ධනංජයද සිල්වා වන් ඩවුන් සෙල්ලම් කිරීම ඉතා වැදගත් වනඅතර චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, වේග පන්දු යවන්නන් ලෙස දිල්ෂාන් මදුශංක, දුෂ්‍යමන්ත චමීර, ප්‍රමෝද මධුෂාන් යන පන්දු යවන්නන් යොදාගත යුතු අතර තේරීම් තරගවලදී පමණක් මහේෂ් තීක්ෂණ එම තරගවලදී සාර්තක වේද යන්න බැලීමට ඔහුටද අවස්ථාව දිය යුතුයි. අශේන් බණ්ඩාර හා ධනුෂ්ක ගුණතිලක අවසාන පන්දුවාර කිහිපය තුළ පන්දු රැකීමට යොදා ගත යුතුයි.. භානුක රාජපක්ෂ පිතිකරණයට පමණක් අවදානය දීමට වගබලා ගත යුතුයි.
Reply 0 0
chaminda bandara Thursday, 13 October 2022 09:14 PM
පුහුණු තරග, මුල් වටයේ තරගවලදී ටොස් එක දින්නොත් මුලින් බැට් කළ යුතුමයි. පිතිකරුවන්ට ඕවර 20ම ගහන්න හැකි වීම වාසියක් නිසා, පන්දු යවන්නන්ටත් වාසියක් වෙනවා අඩු ලකුණු ගාණකට ප්‍රතිවාදීන් දවාගෙන අභියෝගය ජයගන්න.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.