Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අර්වින් එක්දින තරගාවලියෙන් ඉවතට
සිම්බාබ්වේ සංචාරය

අර්වින් එක්දින තරගාවලියෙන් ඉවතට

editorial - 2025 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ දණහිසෙන් පහළ මස්පිඬුවේ (බත්කෙණ්ඩ) ඇතිවූ ආබාධයක් හේතුවෙන් සිමබාබ්වේ නායක ක්‍රෙග් අර්වින්ට එක්දින තරගාවලියම අහිමි වී තිබේ. අර්වින්ගේ ඉවත්වීම හේතුවෙන් ෂෝන් විලියම්ස් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවයි. ඊයේ (29 වැනිදා) පැවැති පළමු එක්දින තරගය්දීත් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන ලද්දේ ෂෝන් විලියම්ස් විසිනි. 

කෙසේ වෙතත් අර්වින්ගේ ඉවත්වීම නිසා ඇතිවන හිදැස වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු තවමත් නම්කර නැත. 
තරගයට පෙරදින පැවැති පුහුණුවීම් වලදී ක්‍රෙග් අර්වින්ගේ වම් පාදයේ මෙන්ම දකුණු පාදයේත් දණහිසෙන් පහළ මස්පිඬු ඉරීම් දෙකක් වාර්තා වී තිබේ. ඒ හේතුවෙන් ඔහු සිකුරාදා පැවැති පළමු එක්දින තරගයට ක්‍රීඩා නොකළේය. 

- 213


අදහස් (0)

අර්වින් එක්දින තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.